ජර්මන් සහ ප්‍රංශ සංස්කරණයට ලියූ පෙරවදන් සහ පසුවදන්.
පළමු වැනි ජර්මන් සංස්කරණයෙහි පෙරවදන ම විසින් දැන් පාඨකයා හමුවේ තබන මෙම පළමු වැනි වෙළුම අයත් කෘතිය 1859 දී මවිසින් පළ කළ Zur Kritik Politishen Oekonomie (දේශපාලන ආර්ථික විද්‍යාවෙහි විවේචනයට දායක වීමක්) ඉදිරියට ගෙන යෑමකි. පළමු වැනි කොටස සහ ඉදිරියට ගෙන යාම අතර පැවති දීර්ඝ විරාමයට හේතු වුයේ වසර ගණනාවක් ම පැවති අසනීපයකින් මගේ කටයුතු වලට බාධා පැමිණීමය. මුලින් ම කරන ලද එම කෘතියෙහි වස්තුව මෙම වෙළුමෙහි මුල් පරිච්ඡේද 3 හි සාරාංශ කොට තිබෙයි. එය කරන ලද්දේ හුදෙක් සම්බන්ධය සහ සම්පූර්ණත්වය සලකා ගෙන ම නොවේ. විෂය කරුණු ඉදිරිපත් කිරීම වැඩි දියුණු කෙරුණි. අවස්ථාවෙන් කිනම් අයුරින් හෝ අවසර ලද පමණින් මුලින් කළ පොතෙහි ඉඟි වශයෙන් පමණක් දක්වන ලද බොහෝ කරුණු මෙහි වඩා පූර්ණව සකස් කොට ඇත. විලෝම වශයෙන්, එහි පූර්ණ ව සලකා බලන ලද කරුණු මෙම වෙළුමෙහි ඉදිරිපත් කොට ඇත්තේ යන්තමිනි. වටිනාකම පිළිබඳ සහ මිල පිළිබඳ න්‍යායයන්හි ඉතිහාසය දැක්වෙන කොටස් දැන් ඇත්තෙන් ම සහමුලින්ම ඉවත් කොට තිබේ. කෙසේ වෙතත්, එම න්‍යායයන්හි ඉතිහාසයට අදාළ අතිරේක මුලාශ්‍ර පළමු වැනි පරිච්ඡේදයට සපයන ලද සටහන්වල සඳහන්ව තිබෙන බව මුල් පොතේ පාඨකයන්ට පෙනෙනු ඇත. සෑම ආරම්භයක් ම දුෂ්කර ය යන්න සියළු විද්‍යාවන්ට සාධාරණ ය. එබැවින් පළමුවැනි පරිච්ඡේදය වටහා ගැනීම, විශේෂයෙන් ම හුවමාරු භාණ්ඩ විශ්ලේෂනය ඇතුළත් කොටස වටහා ගැනීම වඩාත් දුෂ්කර වනු ඇත. විශේෂයෙන් ම වටිනාකමෙහි පදාර්ථය සහ විශාලත්වය විශ්ලේෂණය කරන කොටස් ම විසින් හැකි තරම් දුරට ජනප්‍රිය කරන ලදී 1. සිය පූර්ණ සංවර්ධිත හැඩය මුදල් ස්වරූපය වන වටිනාකම් - ස්වරූපය ඉතා ප්‍රාථමික සහ සරල ය. එතෙකුදු වුව එහි පත්ලට කිඳා බසින්නට වසර 2000 කට වැඩි කාලයක් මානව චින්තනය විසින් අසාර්ථක වෑයමක් දරා තිබේ. අනෙක් අතට, බොහෝ දුරට වඩාත් සංගෘහිත සහ සංකීර්ණ ස්වරූප විශ්ලේෂනයෙහිලා යටත් පිරිසෙයින් සාර්ථක සන්නිකර්ෂණයක් වත් පැවැතියේය. ඇයි? ඓන්ද්‍රීය සමස්තයක් වශයෙන් ගත් කල කය අධ්‍යයනය එම කයෙහි ශෛල අධ්‍යයනයට වඩා පහසු බැවිණි. තවද, ආර්ථික ස්වරූපය විශ්ලේෂනයෙහිලා අන්වීක්ෂ හෝ රසායනික ප්‍රතිකාරක හෝ ප්‍රයෝජනවත් නොවේ. ඒ දෙක ම ආදේශ කළ යුතු වන්නේ මූර්තකරණ බලය මඟිනි. එහෙත් ධනේශ්වර සමාජය තුළ ශ්‍රමයෙහි නිෂ්පාදිතයෙහි හුවමාරු භාණ්ඩ ස්වරූපය - හුවමාරු භාණ්ඩයෙහි වටිනාකම් ස්වරූපය - ආර්ථික සෛල ස්වරූපයයි. මතු පිටින් නිරීක්ෂණය කරන්නෙකුට මෙම ස්වරූපය විශ්ලේෂනය සියුම් විස්තර ලෙස පෙනෙන්නට පිළිවනි.ඇත්තෙන්ම ඒවා විසින් සලකනු ලබන්නේ සියුම් විස්තරය. එහෙත් ඒවා අන්වීක්ෂමය ව්‍යවච්ඡේදයෙහි සලකා බලන සියුම් විස්තර වල ගණයටම අයත් ය. එහෙයින් වටිනාකමෙහි ස්වරූපය පිළිබඳ කොටස හැරෙන්නට මෙම වෙළුම දුෂ්කර යැයි චෝදනා නගන්නට ඉඩක් නැත. ඇත්තෙන් ම මෙහිදී මා අපේක්ෂා කරන්නේ අලුතින් යමක් ඉගෙනීමට කැමති සහ එබැවින් ස්වාධීන ව සිතන්නට කැමති පාඨකයෙකි. භෞතික විද්‍යාඥයා එක්කෝ බාධාකාරී බලපෑම් වලින් තොර වූ සහ ඒවායේ ඉතාමත් ම ආකෘතිගත ස්වරූපයෙන් වටහා ගන්නා වූ තැන්වල දී භෞතික ප්‍රපංච නිරීක්ෂණය කරයි. නැතහොත් ස්වාභාවිකත්වයෙන් ප්‍රපංච හට ගැනීම සහතික කෙරෙන තත්ත්ව යටතේ හැකි සෑම තැන ම ඔහු පරීක්ෂණ පවත්වයි. මෙම කෘතියෙහි මවිසින් පරීක්ෂා කළ යුතු වන්නේ ධනපති නිෂ්පාදන ප්‍රකාරය සහ එම ප්‍රකාරයට අනුරූප නිෂ්පාදන සහ හුවමාරු තත්ත්වය. වර්තමාන කාලය තෙක් ඒවායේ සම්භාව්‍ය භූමිය එංගලන්තය ය. මගේ න්‍යායයික අදහස්වල සංවර්ධනය සදහා ප්‍රධාන පැහැදිලි කිරීම ලෙස එංගලන්තය උපයෝගී කොට ඇත්තේ එම හේතුව නිසාය. කෙසේ වෙතත්, ඉංග්‍රීසි කර්මාන්ත සහ කෘෂිකර්මාන්ත කම්කරුවන්ගේ තත්ත්වය පිළිබදව ජර්මානු පාඨකයා දෙවුර හකුළුවා ගන්නේ නම් හෝ ජර්මනියේ කාරණා එතරම් ම නරක නැතැයි ශුභවාදී විලාසයෙන් සැනසේ නම් හෝ De tu fabula narratur (එය ප්‍රබන්ධ කතාවක්] යැයි මා කෙළින් ම කිව යුතුය. නෛසර්ගික ව, එය ධනපති පංතියෙහි ස්වාභාවික නියමයන්ගෙන් පැන නගින සමාජ ප්‍රතිඝතිතාවයන්හි අඩු වැඩි කමෙහි ප්‍රශ්නයක් නොවේ. එය මෙම නියම පිළිබඳ ව ම වන ප්‍රශ්නයකි. නොවැළැක්විය හැකි ප්‍රතිඵල කරා අයෝමය අනිවාර්යතාවයෙන් ක්‍රියා කරන මෙම උපනති පිළිබඳ ව ම වන ප්‍රශ්නයකි. වැඩි කර්මාන්තමය සංවර්ධනයක් ඇති රට අඩු සංවර්ධන රට වලට හුදෙක් පෙන්නුම් කරන්නේ ඒවායේ අනාගතයෙහි ප්‍රතිරූපයය. එහෙත් මීට අමතරව බලමු. ජර්මනියෙහි ධනපති නිෂ්පාදනය මුළුමනින් ම පැළපදියම් ව ඇති බැවින් (නිදසුනක් වශයෙන්, නියම කම්හල් තුළ) දේවල් පිළිබඳ තත්ත්වය එංගලන්තයට වඩා නරක ය. මන් ද යත්, කම්හල් පනත් තුලනය වන පිළිබර නැති බැවිනි. සෙසු සෑම ක්ෂේත්‍රයක ම මහාද්වීපයික බටහිර යුරෝපයෙහි සෙසු සියල්ලන් ම මෙන් අපි ද ධනපති නිෂ්පාදනයෙහි සංවර්ධනයෙන් පමණක් නොව එම සංවර්ධනයෙහි අසම්පූර්ණ කමෙන්ද පෙලෙන්නෙමු. නූතන නපුරුකම් සමග සමාන්තර ව අනිවාර්ය සමාජ සහ දේශපාලන කාලව්‍යතික්‍රම මාලාවක් කැටුව ගත් යල් පිනූ නිෂ්පාදන ප්‍රකාරයන්හි උදාසීන උත්ජිවන හේතුවෙන් පැන නැගෙන උරුම කරගත් නපුරුකම් සමස්ථ ශ්‍රේණියක් සමගින් මත් අපව මර්ධනය කරනු ලබයි. අපි ජීවමාන උන්ගෙන් පමණක් නොව මළවුන්ගෙන් ද පෙළෙන්නෙමු. Le mort sist le vif. ජර්මනියෙහි සහ මහාද්වීපයික යුරෝපයෙහි ඉතිරි රටවල සංඛ්‍යාති එංගලන්තයෙහි ඒවා සමඟ සසඳන විට කාලකන්නි ලෙස සංගෘහිත කොට තිබේ. එහෙත් ඊට පිටුපසින් ඇති මෙඩුසාගේ* හිස ක්ෂණික බැල්මකට හසුවන තරමට ඒ මඟින් කඩතුරාව එසවෙයි. එංගලන්තය මෙන් අප රටෙහි ද ආණ්ඩු සහ පාර්ලිමේන්තු විසින් ආර්ථික තත්ත්ව පරීක්ෂණ කොමිෂන් සභා වාරිකව පත් කෙළේ නම්, මේ කොමිෂන් සභාවලටත් සත්‍යය සෙවීම සඳහා ඒ හා සමාන ම පූර්ණ බලතල පවරන ලද්දේ නම්, ඉංග්‍රීසි කම්හල් පරික්ෂකයන්, මහජන සෞඛ්‍යය පිළිබඳ ඉංග්‍රීසි වෛද්‍ය වාර්තාකරුවන් ස්ත්‍රීන් සහ ළමයින් සූරාකෑම, නිවාස සහ ආහාර පිළිබඳ පරීක්ෂණ පවත්වන එරට කොමසාරිස්වරුන් මෙන් ම දක්ෂ, පක්ෂග්‍රාහිත්වයෙන් තොර සහ පුද්ගලයන් ගරු කරන මිනිසුන් මේ අරමුණ සඳහා යොදා ගත හැකි නම් අප රටෙහි කාරණා සිදුවන තත්ත්වය ගැන අප කම්පා වනු ඇත. තමන් විසින් දඬුවම් කරනු ලබන රෞද්‍ර රාක්ෂයන්ට ඔහු ව නොපෙනෙන පිණිස පර්සියන් මැජික් හිස් වැස්මක් පැළැන්දේ ය. රෞද්‍ර රාක්ෂයන් නැති බවක් විශ්වාස ගන්වන්නට අපි දෙනෙත් සහ දෙසවන් වැසෙන සේ විජ්ජා කැප් තොප්පිය පහත් කර ගන්නෙමු. මේ ගැන අපි අප ම රවටා ගනිමු. 18 වැනි සියවසෙහි දී ඇමෙරිකන් ස්වාධීනතා යුද්ධය යුරෝපයීය මැද පන්තියට අනතුරු හඟවමින් සීනුව නාද කළ පරිදෙන්ම 19 වැනි සියවසෙහි දී ඇමෙරිකානු සිවිල් යුද්ධය යුරෝපයීය කම්කරු පන්තිය සඳහා එය නාද කළේය. එංගලන්තයෙහි සමාජ ව්‍යනුකලනයෙහි ප්‍රගතිය දැකිය හැකි ය. එය එක්තරා තැනකට ළඟා වූ විට මහාද්වීපය කෙරෙහි එහි ප්‍රතික්‍රියාවක් හටගත යුතුය. කම්කරු පන්තියෙහි සංවර්ධනයෙහි පරිමාණය අනුව ම එහි දී එය වඩා ම්ලේච්ඡ හෝ වඩා මානවීය හෝ ස්වරූපයක් ගනු ඇත. එබැවින් තාවකාලික ව පාලන තත්ත්වයට පත් පන්තීන් හට උසස්තර අභිප්‍රේරිත වලට අමතරව ඔවුන් ගේම ඉතා වැදගත් වුවමනා මඟින් කම්කරු පන්තියෙහි නිදහස් සංවර්ධනයට ඇති නීතියෙන් ඉවත් කළ හැකි සියලු අවහිර ඉවත් කිරීමට අණ කෙරෙයි. වෙනත් හේතු මෙන්ම මෙම හේතුව නිසා ද ඉංග්‍රීසි කම්හල් ව්‍යවස්ථාවන්හි ඉතිහාසය, විස්තර සහ ප්‍රතිඵල සඳහා මවිසින් මෙම වෙළුමෙහි ඒ සා විශාල අවකාශයක් මිඩංගු කොට තිබේ. එක් ජාතියකට සෙසු ජාතීන්ගෙන් ඉගෙන ගත හැකි ය. ජාතියක් එසේ ඉගෙන ගත යුතු ය. සිය චලිතයෙහි ස්වාභාවික නියම සොයා ගැනීමෙහි නිවැරැදි මාවතට සමාජයක් අවතීර්ණ ව ඇති විට පවා (මෙම කෘතියෙහි අවසාන අරමුණ වන්නේ නූතන සමාජයෙහි චලිතයෙහි ආර්ථික නියමය අනාවරණය කිරීම ය) එහි ස්වාභාවික සංවර්ධනයෙහි අනුගාමි කලා මඟින් ඉදිරිපත් කරනු ලබන අවහිර එඩිතර පිමි මඟින් අභිබවාලීමට වත්, නෛතික පනත් මඟින් ඉවත් කිරීමට වත් නොහැකි ය. එහෙත් වේදනා කෙටි කිරිමට සහ අඩු කිරිමට එයට පිළිවනි. ඇති විය හැකි වැරැදි වලක්වනු පිණිස වචනයක් කිව යුතු ය. මම ධනපතියා සහ ඉඩම් හිමියා කිසිම අර්ථයකින් Colour de rose (රෝස පැහැයෙන් ) පින්තාරු නො කරමි. එහෙත් මෙහි දී පුද්ගලයන් ගැන සඳහන් කරන්නේ ඔවුන් ආර්ථික පදාර්ථයන්හි පුද්ගලාරෝපණ, සුවිශේෂ පන්ති සම්බන්ධතාවයන්හි සහ පන්ති වුවමනාවන්හි දේහගත වීම් වන තාක් දුරට පමණි. ප්‍රත්‍යෙක පුද්ගලයා යම් සම්බන්ධතා විසින් බිහි කළ සත්ත්වයෙකු ලෙස සමාජමය වශයෙන් රැඳී පවතී ද, මනෝමූලික ව ඔහු ඒවාට ඉහළින් කොතෙකුත් නැගී සිටිය හැකි වුවත් ඔහු එම සම්බන්ධතාවන්ට වග කිව යුතු යැයි සමාජයෙහි ආර්ථික හැඩගැස්මෙහි පරිණාමය ස්වාභාවික ඉතිහාස ක්‍රියාවලියක් සේ දකින මගේ ස්ථාවරයට කිව හැකි වන්නේ අන් කවර ස්ථාවරයකටත් වඩා අඩුවෙනි. දේශපාලන ආර්ථික විද්‍යා විජිතයෙහි දී නිදහස් විද්‍යාත්මක විමර්ශණයට හමු වන්නේ සෙසු සියළු විජිතවල දී හමු වන එකම හතුරන් පමණක් නොවේ. ඊට අදාළ කරුණු වල විශේෂ ස්වභාවය හේතු කොට ගෙන මිනිස් හදවතෙහි ඉතාමත් ම ප්‍රචණ්ඩ, තුච්ඡ සහ මාත්සරිත රාග, පෞද්ගලික වුවමනාවන්හි කෝපාග්නි හතුරන් ලෙස සටන් බිමට කැඳවනු ලැබෙයි. උදා, ස්ථාපිත ඉංග්‍රීසි ආගමික සඟාව සිය ආදායමෙන් 1/39 එල්ල වන පහරට වඩා සිය නීති පද්ධතියෙහි වගන්ති 39න් 38 ට ම එල්ල වන පහරකට සමාව දීමට කැමති වනු ඇත. පවත්නා දේපල සම්බන්ධතා චිචේචනය සමග සසඳන කල දැන් කාලයෙහි අදේවවාදය මත් culpa levis (සූළු වරදක් ) ය. එතෙකුදු වූවත්, වරදවා තේරුම් ගත නො හැකි ඉදිරි ගමනක් තිබේ. උසා මා සඳහන් කරන්නේ පසුගිය සති කිහිපය තුළ පළ කළ නිල් පොත ගැන ය. එනම්, ""කර්මාන්ත ප්‍රශ්න සහ වෘත්තීය සංගම් පිළිබඳ මහ රැජින ගේ එතෙර දූත මණ්ඩල සමග ලිපි ගණුදෙනු”" නමැති වාර්ථාව ගැනය. ජර්මනියයෙහි. ප්‍රංශයෙහි, කොටින් කිව හොත් යුරෝපා මහද්වීපයෙහි සියලු ශිෂ්ට රටවල ප්‍රාග්ධනය සහ ශ්‍රමට අතර පවත්නා සම්බන්ධතාවයන්හි ආමුල වෙනසක් එගෙලන්තයෙහි මෙන් ම පැහැදිලි ව පෙනෙන්නට ඇති බව සහ අනිවාර්යයෙන් සිදු වනු ඇති බව විදේශ රටවල ඉංග්‍රීසි කිරීටයෙහි නියෝජිතයෝ එහි දී සවිස්තර ව ප්‍රකාශ කරත්. එම අවස්ථාවෙහි ම අත්ලාන්තික් සාගරයේ අනෙක් පැත්තේ වහල් ක්‍රමය අහෝසි කළ පසු ප්‍රාග්ධනයෙහි සහ ඉඩම් හිමිකමෙහි ආමූල වෙනසක් න්‍යාය පත්‍රයෙහි ඊළඟට ඇතුළත් ව ඇති බව එක්සත් ජනපදයෙහි උප ජනාධිපති ඩේව් මහතා ප්‍රසිද්ධ රැස්වීම්වලදී ප්‍රකාශ කෙළේ ය. මේවා දම් පැහැති කබා සහ කලු පැහැති පූජක ලෝගු මඟින් වසන් කළ නොහැකි කාලයේ සලකුණු ය. හෙට ප්‍රාතිහාර්යයක් වන බව ඒවායින් සලකුණු වන්නේ නැත. වත්මන් සමාජය ඝන ස්ඵටිකයක් නොව වෙනස් විය හැකි සහ නිරතුරු ව ම වෙනස්වන ජීවියෙකු බවට පාලක පන්ති තුළ ම ඉදිරි අනතුරක් පිළිබඳ හැඟීමක් උදාවන බව ඒ මඟින් පෙන්නුම් කෙරෙයි. මෙම කෘතියෙහි දෙවැනි වෙළුමෙහි ප්‍රාග්ධන සංසරණය2 ද (ii වැනි පොත) සිය සංවර්ධන මාවතෙහි දී ප්‍රාග්ධනය ගන්නා විවිධ ස්වරූප ද (iii වැනි පොත) සලකා බැලෙන අතර තුන්වෙනි සහ අවසාන වෙළුමෙහි (vi වැනි පොත) න්‍යායයෙහි ඉතිහාසය සලකා බැලෙනු ඇත. විද්‍යාත්මක විවේචනය පදනම් වන සෑම අදහසක් ම සතුටින් බලාපොරොත්තු වෙමි. ඊනියා මහජන මතයෙහි අගතිවලට මා කිසි දා සහන දී නැති අතර ඒ පිළිබඳ ව පෙර මෙන් ම දැනුදු මා දක්වන්නේ ශ්‍රේෂ්ඨ ෆ්ලොරන්ටයින් ගේ ආප්ත වාක්‍යයකි. "Segui it tuo corso,e lascia dir le genti" කාල් මාක්ස් 1867 ජූලි 25 ලන්ඩන් සටහන්
- ෂුල්සෙ - ඩෙල්මිෂ්ට විරුද්ධ ෆර්ඩිනන්ඩ් ලසාලේ ගේ කෘතියෙහි ඇතුළත්, ඔහු විසින් ම කියන පරිදි මෙම විෂයන් පිළිබඳ මගේ පැහැදිලි කිරීම්වල ""බුද්ධිමය පරම හරය”" දක්වන කොටස්වල පවා බරපතල වැරදි ඇති බැවින් මෙය වඩාත් ම අවශ්‍යය. ඔහු ගේ ආර්ථික කෘතීන්හි දී ෆර්ඩිනන්ඩ් ලසාලේ කිසිදු සඳහන් කිරීමකින් තොර ව සියලු සාමාන්‍ය ප්‍රස්තුත, එනම් ප්‍රාග්ධනයෙහි ඉතිහාසමය ස්වභාවය, නිෂ්පාදන තත්ත්ව සහ නිෂ්පාදන ප්‍රකාර අතර සම්බන්ධය ආදිය ගැන සඳහන් ප්‍රස්තුත මවිසින් නිර්මිත පද මාලාව පවා අයත් වන ලෙස වචනාර්ථයෙන් ම පිරුලට ගෙන ඇත්නම් ඇතැම් විට එය ප්‍රචාරන අරමුණ සඳහා විය හැකිය. මෙහිදී මා කතා කරන්නේ මෙම ප්‍රස්තුතයන්හි ඔහු විසින් කරන ලද විස්තර සැකසීම් සහ ව්‍යවහාරයට යෙදීම් ගැන නො වේ. ඒවාට මගේ කිසි ම සම්බන්ධයක් නැත.
- කම්හල් පනත් (පරිවර්තක ගේ සටහන) 10 වැනි පරිච්ඡේදය බලන්න, මෙඩූසා (පරිවර්තක ගේ සටහන) ග්‍රීක දේවකතාවල එන දුටුවන් ගල් ගස්චන හිසතු ඇති රාක්ෂයෙකි. පර්සිස් විසින් මෙඩුසා ගේ හිස කපා මිනර්වා දෙව්දුවගේ පලිහ මත තබන ලදැයි ද, එම පලිහ මිනර්වා ට බ්‍රහස්පති විසින් දෙන ලද්දක් යැයි ද කියැවේ. කැපූ හිස දෙස පවා යමෙකු එක බැල්මක් හෙලුවත් ඔහු සැනෙකින් ගල්වන බව දේව කතාවෙහි එයි.
- මෙම ශීර්ෂය යටතේ තමන් ඇතුළත් කරන්නේ කුමක් දැයි කතුවරයා ඉංග්‍රීසි සංස්කරණයෙහි 564 පිටුවෙහි පැහැදිලි කරයි. Marxist University #මාක්ස්වාදීවිශ්වවිද්යාලය