← Back to Articles

සාමාජවාදය මනෝරාජ්‍යයෙන් විද්‍යාවට

2026-01-21By ෆෙඩ්රික් එංගල්ස්

සාරානුකූල වශයෙන් නවීන සමාජවාදය ජනිත වුයේ එක් අතකින් ඇත්තන් හා නැත්තන් අතර නම් ධනපතියන් සහ වේතන කම්කරුවන් අතර අද සමාජයේ පවත්නා පංති සතුරුකමද අනික් අතින් නිෂ්පාදනයේ පවතින අරාජිකභාවයද තත් ලෙසින් පිලිගැනීමේ ඒකාන්ත ප්‍රතිඵලයක් ලෙසටය. එසේ වුවද නවීන සාජවාදයේ න්‍යයික ආකෘතිය මුලින්ම ඉදිරිපත් වුයේ දහ අට වැනි ශතවර්ෂයේ ශ්‍රෙෂ්ඨ ප්‍රංශ දර්ශනවාදීන් නම නියම කළ ප්‍රතිපත්තිවල වඩාත් තර්කානුකූල ව්‍යාපීකරණයක ස්වරුපයෙනි. සෑම නව න්‍යායකට මෙන්ම සමාජවාදයටද එහි වටපිටාවෙහි වු බුද්ධිමය අලෙවි භාණ්ඩ සමග සම්බන්ධයක් ඇති කර ගැනීමට ප්‍රථමයෙන් සිදුවිය. එසේ වුවද එහි මුල් ගැඹුරට විහිදී තිබුණේ ද්‍රව්‍යමය ආර්ථික කරුණු තුලය.

ඉදිරියේ එන විප්ලවය සදහා ප්‍රංශ ජනයාගේ සිත් සතන් සුදානම් කළ ඒ ශ්‍රේෂ්ඨ මිනිසුන් තමනුදු අත්‍යන්තයෙන්ම විප්ලවාදීන් විය. ඔවුහු කිසිම වර්ගයක කිසිම බාහිර අධිකාරයක් පිළි නොගත්හ ආගම ස්භාවික විද්‍යාව සමාජය දේශපාලන ආයතන යන මේ සිල්ලම ඉතාමත් ක්ෂමා රහිත විවේචනයට විසය කාරණා විය. ඒ සියල්ලක්ම තර්ක බුද්ධියේ විනිශ්චයාසනය හමුවේ ස්වකීය පැවැත්ම සාධාරණ කර පෙන්විය යුතුය. නැතහොත් පැවැත්ම අත් හළ යුතුය. තර්ක බුද්ධිය සියල්ලම මනින එකම මිම්ම බවට පත් විය. ලෝකය ඔළුවෙන් සිට ගෙන ඇතැයි හේගල් ප්‍රකාශ කළ කාලය එය විය. (ප්‍රංශ විප්ලවය ගැන වු මෙ කොටස මෙසේය. නීතිය පිළිබද චින්තනය සහ අවබෝධය එක් වරම පිළි ගැනුණු අතර එයට විරුද්ධව නැගී සිටීමට හැකියාවක් අවනිතිය පිළිබද වු පැරණි දිරාගිය පලංචියට නොවීය. එනිසා මෙම නීතිය පිළිබද වු සංකල්පයෙන් දැන් ව්‍යවස්ථාවක් ස්ථාපිත කර තිබේ. මෙතැන් පටන් සියල්ලම ඒ මත පදනම් විය යුතුය. සූර්යයා දෙව් ලොව සුරක්ෂිතාගාරයේ සිටි තාක් සහ ග්‍රහ තාරකා ඔහු වටා යමින් සිටි තාක් කල් මිනිසා ඔහුගේ හිසෙන් එනම් අදහස් මත සිට මෙම පිළිරුව අනුව යථාර්ථය ගොඩ නගනු කිසි කළෙකත් නොදක්නා ලදී. Nus නැතහොත් ඥන ලොව පාලනය කරතියි ඇනක්සගෝරස් ප්‍රථමයෙන් කීය. නමුත් දැන් පළමු වතාවට පරමාදර්ශයෙන් මානසික යථාර්ථය පාලනය විය යුතුය යන්න පිලිගැනීමට මිනිසා යොමු වී ඇත. එකල මිනිසුන් පරමෝදාර චිත්තාවෙගයකින් ඔද වැඩී ගිය අතර දේව ප්‍රතිපත්තිය ලෝකය හා සමග සැසදුනු කලෙක මෙන් තර්කයේ උද්වේගයෙන් ලොවම ඇලලී ගියේය. (හේගල් "ඉතිහාසය පිළිබද දර්ශනය" 1840 පිටුව 535) - නැසීගිය මහාචාර්ය හේගල්ගේ මෙවැනි පෙරළිකාරී සහ පොදු වශයෙන් අන්තරායකාරී වන උගැන්වීම්වලට විරුද්ධව සමාජවාදීන්ට විරුද්ධ නීතිය37 ක්‍රියාත්මක කිරීමට ඉතාමත් සුදුසු කාලය දැන් පැමිණ තිබෙනවා නොවේද?) ප්‍රථමයෙන් සියලුම මිනිස් ක්‍රියා සහ සමාගමයන් සදහා පදනම වුයේ මිනිස් හිස සහ එහි චින්තනයෙන් බැස ගන්නා ලද ප්‍රතිපත්ති වෙතියි යන අර්ථයෙන්ද නමුත් කල් යත්ම මෙම ප්‍රතිපත්තිවලට ප්‍රතිවිරෝධි වන යථාර්ථය උඩු යටි හැරවිය යුතුය. යනඅර්ථයෙන්ද එසේ කියන ලදී එවකට පෙර පැවති සෑම සමාජ සහ ආන්ඩු ආකෘතියක්මත් සෑම පැරණි සම්ප්‍රදායික මති මතාන්තරයක්මත් ආතර්කික සේ සලකා පරණ බඩු දමන කාමරයට විසි කර දමන ලදී. ලෝකය මෙතෙක් තමන්ට ඉඩ දී ඇත්තේ දුර්මතයන් පසු පස යාමට පමණකි. පැරණි සියල්ලක්ම කෙරෙහි දැක්විය යුතු වන්නේ අනුකම්පාව ස පිළිකුල පමණකි. දැන් ප්‍රථම වතාවට හිරු එළිය තර්ක බුද්ධියේ රජදහන පෙනෙන්නට විය. මෙතැන් පටන් සදාකාලික සත්‍යය සදාකාලික යුක්තිය ස්වභාව ධර්මය පදනම් කර ගත් සමානාත්මතාවය හා මිනිසාට අහිමි කළ නොහැකි ඔහුගේ අයිතිවාසිකම් යන මේවා අන්ධ විශ්වාසයත් අසාධාරණයත් වරප්‍රසාදත් පීඩනයත් අභිබවා සිටියේය.

තර්ක බුද්ධියේ රජදහන යනු ධනපති පංතිය පරමාදර්ශ කොටගත් රජදහන වන බවත් මෙම සදාකාලික යුක්තිය ධනපති නීතිය වශයෙන් ක්‍රියාත්මක වු බවත් මෙම සමානාත්මතාවය නීතිය ඉදිරියේ ඇති ධනපති සමානාත්මතාවය වන සේ පහත වැටුනු බවත් ධනපති දේපළ හිමිකම් අයිතිය මුලික මිනිස් අයිතිවාසිකම් වලින් එක් බවත් තර්ක බුද්ධියේ ආණ්ඩුව එමෙන්ම රුසෝගේ සමාජ ගිවිසුම38 ජීයනය ලැබුවේ ප්‍රජාන්ත්‍රවාදී ධනපති සමූහාණ්ඩුවක් වහයෙන් බවත් අපි දැන් දන්නෙමු. දහ අටවැනි ශතවර්ෂයේ ශ්‍රේෂ්ඨ චින්තකයන් ඔවුන්ගේ පූර්වගාමීන් මෙන්ම ස්වකීය යුගය විසින් තමන් වටකොට පැනවූ සීමාවන් ඉක්මවීමෙහි අසමත් විය.

නමුත් රදළ වංශවතුන්ද සමාජයේ ඉතිරි කොටස මුලුමනින්ම නියෝජනය කරන බවට හිමිකම් දැක්වු නාගරිකයන්ද අතර සතුරු තාවය සමග එක පෙළටම සූරා කන්නන්ද සූරා කනු ලජන්නන්ද අතරත් වු පොදු සතුරුතාවය පැවතියේය. එක විශේෂ පංතියක් පමණක් නොව පීඩා විදි සමස්ත මිනිස් සංහතියම වෙනුවෙන් පෙනී සිටින නියෝජිතයන් වශයෙන් ඉදිරිපත් වීමට ධනපති පංතියට හැකියාව ලැබුණේද මෙම තත්වය නිසාමය එපමණක් නොවේ ධනපති පංතියේ සමාරම්බයේ පටන්ම එය එහි ප්‍රතිප්‍රත්‍යයේ බර දරා සිටියේය. වේතන කම්කරුවන් නොමැතිව ධනපතියනට පැවතීමට නොපුළුවන මධ්‍ය කාලීන ශ්‍රෙණි නාගරිකයා නූතන ධනපතියා වන සේ සංවර්ධනය වූහ. සමස්තයක් සේ සලකන කල ධනපති පංතිය වංශාධිපතියනට විරුද්ධව කළ ඔවුන්ගේ අරගලයේදී; ඒ හා එක්වරම එවකට වු විවිධ වැඩ කරන පංතිවල අවශ්‍යතාවයන් වෙනුවෙන්ද පෙනී සිටින බවට අයිතිවාසිකම් කීමට හැකියාවක් එයට තිබුණත් නූතන නිර්ධන පංතියේ පුරෝගාමියා වු සහ අඩු වැඩි පමණින් සංවර්ධනය වු එම (වැඩ කරන) පංතියේ ස්වාධීන කඩාපැනීම් සෑම මහා ධනපති ව්‍යාපාරයකදීම ඇති වනු දක්නා ලදී. මේ සම්බන්ධයෙන් ජර්මන් ප්‍රතිසංස්කරණය සහ ගොවි යුද්ධය සමයේදී ඈනාබැප්ටිස්ට් වරු39 සහ තෝමස් මූන්සර් ද, මහා ඉංග්‍රීසි විපලවයේදී ලෙවලර් වරුන් ද40 ප්‍රංශ මහා විප්ලවයේදී බාබේෆ් ද පිළිබද නිදර්ශන දැක්විය හැකිය. තවමත් සංවර්ධනය වී නොතිබුණු පංතියක මෙම විප්ලවාදී කැරලි ගැසීම්වලට ගැලපෙන නයයික ප්‍රකාශනයන් දක්නා ලදී. පරමාදර්ශ වහයෙන් සලකන ලද සමාජ තත්වයන් පිළිබද මනෝරාජික පින්තූර දහසය හා දහහත්වැනි ශතවර්ෂවලදී ඉදිරිපත් විය41. දහඅටවැනි ශතවර්ශයේදී සැබෑ කොමියුනිස්ට් ස්වරූපයේ න්‍යාය (මොරෙප්පි සහ මාබ්ලි) ඉදිරිපත් විය. සමානාත්මතාවය සදහා ඉල්ලීම තවදුරටත් දේශපාලන තත්වයන් සහ පුද්ගලයන් දක්වා ව්‍යාප්ත කරන ලදී හුදෙක්ම පංති වරප්‍රසාදයන් පමණක් නොව පංති වෙනස් කම්ද අහෝසි කිරීමට අපේක්ෂා කරන ලදී. නව උගැන්වීමේ ප්‍රථම අකෘතිය වුයේ ජීවිතයේ සියලු සැප සම්පත් හෙළාදකින තවුස් පිලිවෙතක් වැනි කොමියුනිට් වාදයකි. ස්පාර්ටන්වාදයකි අනතුරුව මහා මනෝරාජවාදින් තිදෙන ඉදිරයට වන්හ. සෙන්-සිමෝන් - නිර්ධන පංති ව්‍යාපාරය සමග එකපෙළට සිටුවන ලද මධ්‍යම පංති ව්‍යාපාරය තවමත් එක්තරා දුරකට වැදගත් සේ ඔහු සැලකීය. ෆුරියේ සහ ඕවන් ධනපති ක්‍රමය වඩාත්ම දියුණුවු රටෙහි එම දියුනුවෙන් පැන නැගුණු සතුරුතාවයන්ගේ බලපෑම යටතේ ක්‍රමානුකූල ලෙස සහ කෙළින්ම ප්‍රංශ ද්‍රව්‍යවාදයට ගැලපෙන ආකාරයට පංති වෙනස් කම් ඉවත් කිරීම පිණිස ඔහුගේ යෝජනා සකස් කළේය.

මේ තිදෙනාට පොදු එක් කරුණක් ඇත. ඒ වන විට ඓතිහාසික සංවර්ධනය විසින් ඉදිරිපත් කරනු ලැබ සිටි නිර්ධන පංතියේ අවශ්‍යතාවයන්ගේ නියෝජිතයෙක් වශයෙන් ඉන් එක් අයෙක් වත් පෙනි නොසිටි ප්‍රංශ ද්‍රර්ශනිකයන් මෙන් මොවුහුද මුලින් එක් විශේෂ පංතියක් මුදා ගැනීම ගැන නොකී අතර එක් වරම මුළු මිනිස් වර්ගයාම මුදා ගැනීම කීහ. ඔවුන් මෙන්ම මොවුහුද තර්ක බුද්ධියේ සහ සදාකාලික යුක්තියේ රාජධානිය පහළ කිරීමට අපේක්ෂා කරන නමුත් ඔවුන් එයින් අදහස් කරන්නේ ප්‍රංශ දර්ශනවාදීන් අදහස් කරන දෙයට වඩා අහසට පොළව මෙන් දුරස්තර වූවකි. මෙම දර්ශනිකයන්ගේ ප්‍රතිපත්ති මත පදනම් වු ධනපති ලෝකය අපගේ සමාජ ප්‍රතිසංස්කාරකයන් තිදෙනාට පෙනෙන්නේ ඉතාමත් අතාර්තික සහ අයුක්ති සහගත ලෙසටය. නිසා වැඩවසම් ක්‍රමය හා ඉතිහාසයේ මුල් අවධි සියල්ලම මෙන් එයද ඒකාන්ත වශයෙන් කසල ගොඩ කරා යන්නේය. පිරිසිදු තර්ක බුද්ධිය හා යුක්තිය මෙතෙක් ලොව පාලනය නොකළේ. නම් එයට කම හේතුව මිනිසුන් විසින් ඒවා හරි ආකාර ලෙස වටහා එක් පුද්ගලයෙකි. දැන් ඔහු බිහිවී සිටි දැන් ඔහු බිහිවි සටීමත් සත්‍ය පැහැදිලි ලෙස අවබෝධ කරගෙන තිබීමත් ඓතිහාසික සංවර්ධනයේ සිදුවීම් මාලාවෙන් පැන නැගුනු අනිවාරණීය සිද්ධියක් නොවු හුදු වාසනාවන්ත අහුඹුවක් පමණිකි. ඔහු අවුරුදු 500 කට පෙර මෙසේම උපදින්නට තිබුණි. එසේ වී නම් අවුරුදු 500 ක වැරදි කලි කළහ සහ දුක් පීඩාවලින් මිනිස් වර්ගයා නිදහස් වන්නට තිබුණි.

විප්ලවයේ පුරෝගාමීන් වු දහඅටවැනි ශතවර්ෂයේ පංශ විප්ලවාදීන් තර්ක බුද්දිය මේ සියල්ලෙහි විනිශ්චය කරු සේ සලකා එයට ආයාචනා කරනු දක්නා ලදී. තර්කානානුකූල ආණ්ඩුවක් හා තර්කානුකූල සමාජයක් ඇති කිරීම අපේක්ෂා කරන ලදී. සදාකාලික විචාර බුද්දියට හරස් වන සියල්ලක්ම අනුකම්පා විරහිතව තොර කිරීමට අරමුණු විය. මෙම සදාකාලික තර්ක බුද්ධිය යනු දැන් දැන් ධනපති තත්වයට පරිනාම වෙමින් සිටි දහඅටවැනි ශතවර්ෂයේ පුරවැසියාගේ අවබෝධය පරමාදර්ශයක් කර ගැනීමෙන් නිමවා ගන්නා ලද්දක් මිස අනෙක් නොවන බව අපි දුටුවෙමු. ප්‍රංශ විප්ලවය විසින් මෙම තර්කානුකූල සමාජයහා ආණ්ඩුව ඇති කරන ලදී. එහෙත් නව තත්වය කලින් පැවති කොන්දේසි සමග සංසන්දනය කරන කල තර්කානුකූල යයි ගත හැකි නමුත් එය කිසිසේත් සම්පුර්ණයෙන්ම බිද වැටුනි. රුසෝ ගේ සමාජ ගිවිසුම ත්‍රස්තයේ රජයක් ලෙසින් ක්‍රියාත්මක වු අතර ස්වකීය දේශපාලන හැකියාව ගැන බිදක් විශ්වාසයෙන් යුත් ධනපතියන් ප්‍රථමයෙන් අධ්‍යක්ෂ මන්ඩලයේ42 දුෂණය තළිනුත් අවසානයේ නැපෝලියන්වාදී සර්වාධිකාරයේ සෙවන යටතෙත් ආරක්ෂාව පැතූහ. ඇති කිරීමට පොරොන්දු වු සදාකාලික සාමය රටවල් අල්වා ගැනීමේ කෙළවරක් නැති යුද්ධයක් බවට පරිවර්තනය විය. තර්ක බුද්ධිය පදනම් කරගත් සමාජයටද අත්වුයේ ඊට වඩා හොද ඉරණමක් නොවේ. පොදු සමෘද්ධියක් ඇති වෙමින් එය තුළ පොහොසතුන් හා දුප්පතුන් අතර විරුද්ධතාවය දිය වී යනු වෙනුවට එය එක්තරා දුරකට තුනී කළ ශ්‍රෙණි සහ අනෙකුත් වරප්‍රසාදයන් ඉවත් කිරීම නිසාද පල්ලියේ ප්‍රණ්‍යායතන ඉවත් කිරීම නිසාද එය උත්සන්න විය. දැන් සාර්ථක වු සේ සැලකිය හැකි වු රදළ බන්ධනයන්ගෙන් "දේපළ නිදහස්" දිනා ගැනීම ලොකු ධනපතියන්ගේ හා ඉඩම් හිමියන්ගේ ප්‍රබල තරගය යටතේ මිරිකීගිය සුළු ධනපති සුළු ධනපති ගොවි දේපළ හිමියන්ට දේපලවලින් "නිදහසක්ද" බවට පත් වුයේය. ධනපති ක්‍රම පදනමක් මත වු කර්මාන්ත සංවර්ධනය විසින් වැඩ කරන ජනතාවගේ දුප්පත්කම හා දුක් දොමනස් සහිත භාවය සමාජ පැවැත්මේ කොන්දේසි බවට පත් කරන ලදී. කාලයිල්ගේ වාක්‍ය ඛණ්ඩයෙහි එන පරිදි මුදල් ගෙවීම එන්න එන්නම මිනිසා සහ මිනිසා අතර සම්බන්ධයෙහි එකම මාධ්‍ය බවට පත්විය. අපරාධ සංඛ්‍යාව වසරෙන් වසර ඇවිද්දේය. ඒවා දැනුදු නැති කර නොමැති නමුත් කෙසේ‍ හෝ පසුබිමට වුව තල්ලුවී ඇත. ඒ වෙනුවට මේ දක්වා රහසේ කෙරුණු ධනපති දුසිරිත් වඩාත් සරුසාර ලෙස මල් ගනිමින් වැඩෙන්නට විය. වෙළදාම වැඩි වැඩියෙන් රැවටිල්ලක් බවට පත්විය.

"සහෝදරත්වය" යන විප්ලවවාදී ආදර්ශපාඨය43 ක්‍රියාවට නැගුනේ තරගය නැමති සංග්‍රාමයේ වංචාවන් සහ ප්‍රතිපාක්ෂික භාවය වශයෙනි. බලහත්කාරී පීඩනය වෙනුවට දුෂණය ආදේ කරන ලදී. ප්‍රථම සමාජ ලීවරය වශයෙන් තිබුනු කඩුව වෙනුවට රත්තරන් ආදේශ කරන ලදී. ප්‍රථම රාත්‍රියේ අයිතිය රදළ සාමි වරුන්ගෙන් ධනපති කර්මාන්ත කරුවනට මාරු කෙරින වෛශ්‍යා වෘත්තිය පෙර නොඇසු විරූ තරමින් වැඩි විය. කලින් මෙන්ම විවාහය තවදුරටත් වෛශ්‍යා වෘත්තියේ නිල සළුව ලෙසට පැවති අතර ඊට අමතරව සරුවට කෙරෙන අනාවාරයද එකතු විය. කොටි් කියතොත් දාර්ශනිකයන් හුවා දැක්වු විශිෂ්ස්ඨ පොරොන්දු හා සමග සසදා බලන කල “තර්ක බුද්ධියේ විජයග්‍රහණය” තුළින් ඇති වුනු සමාජ හා දේශපාලන ආයතනයන් සම්පුර්ණයෙන්ම බලාපොරොත්තු සුන් කරන හා ඒවායේ විකට රූප සමාන ඒවාවිය. අඩුවකට තිබුණේ මෙම බලාපොරොත්තු සුන් වීම ගැන විස්තර කිරීමට ඉදිරිපත් වන පුද්ගලයන් පමණකි. නව ශතවර්ෂය ආර්ම්භයේදී මෙම පුද්ගලයෝ ඉදිරිපත් වුහ. 1802 දී සෙන්-සිමොන්ගේ “ජිනිවා ලිපි” පළ විය. ෆූරියේගේ න්‍යායයට පසුබිම 1799 පටන් සකස් වී තිබුණ නමුත් ඔහුගේ ප්‍රථ කෘතිය 1808 දී පළ විය. 1800 ජනවාරි 1 දින නිව් ලනාක්44 හි පාලනය රොබට් ඕවන් විසින් භාර ගන්නා ලදී.

එනමුත් මේ වන විට ධනපති නිෂ්පාදන ක්‍රමයක් ඒ සගම ධනපති පංතිය සහ නි්ධන පංතිය අතර සතුරුතාවයන් තවමත් ඉතා අසම්පුර්ණ ලෙස සංවර්ධනය වු තත්වයක තිබුණේය. දන් දැන් එංගලන්තයේ පැන නැගී තිබුණු නවීන කර්මාන්තය තවමත් ප්‍රංශයේ එළි දැක නොතිබුණි එහෙත් නවීන කර්මා්තය එක් අතකින් ගැටුම් ඇති කරයි එම ගැටුම් නිසා නිෂ්පාදන ක්‍රමයේ විප්ලවයක් කිරීමත් එහි ධනපති ස්භාවය නැති කර දැමීමත් පරම අවශ්‍යතා වයක් බවට පත් වන්නේය. එම ගැට් කෙළවර කිරීමේ මාධ්‍ය වන්නේඒ නිෂ්පාදීය බලවේගයන්ය. එනිසා 1800 වර්ෂය පමණ වන විට සමාජ ක්‍රමයෙන් පැන නගින ගැටුම් යම්තමින් හැඩ ගැන්වෙමින් තිබුණේ නම් ඒවා කෙළවර කිරීමේ කිරීමෙන් මාධ්‍යයන් එහි තුළ අන්තර්ගතව තිබුණේ ඊටත් වඩා යම්තමිනි. ත්‍ර්‍ර්‍ර්‍රස්තයේ රාජ්‍ය පැවති සමයේදී පැරීසියේ කිසි දේපළක් නැති පොදු ජනතාව මොහොතකට ප්‍රම්‍රඛත්වය ලබා ගැනීමෙහි සමත් වු හෙයින් ධනපතියන්ගේ බාධකයන්ද නොතකා ධනපති විප්ලවය ජයග්‍රහණය දක්වා මෙහෙයවීම එයට කළ හැකි විය. එහෙත් එසේ කිරීමෙන් ඔවුන් ඔප්පු කළේ එවකට පැවති තත්වය යටතේ ඔවුන්ගේ ප්‍රමුකත්වය පවත්වා ගැනීම කොතරම් අන්ත දුෂ්කරතාවයක්ද යන්න පමණකි. මෙම කිසිම දේපළක් නැති පොදු ජනතාවගෙන් නව පංතියක න්‍යස්ටියක් මෙන් ප්‍රථම වතාවට පරිනාම වුනු නිර්ධන පංතිය ඒ වන විට ස්වාධීන දේශපාලන ක්‍රියාකාරීත්වය පිළිබද කිසිම හැකියාවක් නොමැතිව සිටියේය. එය ඉදිරියට පැමිණියේ පීඩනයට පත් කරන ලද හා වේදනා විදින සමාජ පංතියක් ලෙසටය. තමන්ට ආධාර කර ගැනීමේ හැකියාව නොමැති අයට පිටතින් හෝ ඉහළින් ලබා ගත හැකි ආධාරයට වඩා හොද වෙනත් ආධාරයක් නොමැත.

මෙම ඓතිහාසික තත්වය සමාජවාදයේ නිර්මාතෘවරයන් කෙරෙහිද තදින් බල පෑවේය. ධනපති නිෂ්පාදනයේ ගොරෝසු කොන්දේසිවලට හා ගොරෝසු පංති තත්වයන්ට ගැලපුනේ ගොරෝසු න්‍යායයන්ය. සමාජ ප්‍රශ්නවලට අදාළ විසදීම් වමත් නොදියුණු ආර්ථික තත්වයන් අස්සේ ගැන්වී සගවී තිබුණු අතර ඒවා මිනිස් මොළයෙන් සකස් කර ගැනීමට මනෝරාජිකවාදීහු ප්‍රයන්ත දැරූහ. සමාජයෙන් ඉදිරිපත් විය. එනිසා වඩාත් අංග සම්පුර්ණ සංවිධාන ක්‍රමයක් සොයා ගැනීමත් ප්‍රචාරය හා ආදර්ශ පරීක්ෂණ පිළිබද නිදසුන් මගින් මෙය පිටතින් සමාජය මත සවි කිරීමත් අවශ්‍ය විය. මේම නව සමාජ ක්‍රම වඩාත් අංගසම්පුර්ණ ලෙස හා විස්තර සහිතව සකස් කළ තරමටම ඒවා මනෝවිකාර ලෝකයට ගසා ගෙන යාම වැලැක්විය නොහැකි විය.

මෙම කරුණු තහවුරු කිරීමෙන් පසුව ප්‍රශ්නයේ මෙම අංශය ගැන තවදුරටත් එක බිදක් හෝ විස්තර කිරීම අපට අවශ්‍ය නොවේ. එය දැන් සම්පුර්ණයෙන්ම අතීතයට අයත් දෙයකි. අද අපට සිනහව පමණක් ගෙන එන මෙම මනෝවිකාරයන් ගැන ගම්භීර ලෙස වාද විවාද කිරීමටත් ඒ "උමතුව" හා සමග සසදන කල තමන්ගේ නිසරු තර්කණයෙහි උසස්කම ගැන වගාඩම්බර දෙඩීමටත් සාහිත්‍යයේ පැංචන් හට ඉඩ තබමු. අප යොමුව සිටින්නේ මෙම අමනයන්ට නොපෙනෙන විස්ම උපදවන සුලු මහා චින්තන හා සෑම තන්හිම ස්වකීය මනෝවිකාර වහුන් බිදගෙන එළිදකින චින්තන බීජ ඇසුරෙන් ප්‍රමෝදයට පත්වීමටය.

සෙන්-සිමෝන් ප්‍රංශ මහා විප්ලවයේ පුත්‍ර රත්නයක් විය. එය පටන් ගන්නා විට ඔහු තිස්වැනි විය ඉක්මවා නොසිටියේය. විප්ලවය මහ ජනතාවගේ ජයග්‍රහණයක් විය. එය ජාතියේ වරප්‍රසාද ලත් අලස පංති නැතහොත් වංශවතුන් සහ පූජකයන් පරදවා නිෂ්පාදනයේ සහ වෙළදාමේ නියුක්තව වැඩ කරන පොදු මහ ජනතාවගේ ඉතා කුඩා කොටසක ජයග්‍රහණයක් පමණක් ව බවද එහි සමාජමය වරප්‍රසාද ලත් කොටසක් වන දේපල හිමි ධනපතියන් විසින් දේශපාලන බලය අත්පත්කර ගැනීමක් පමණක් වූ බවද කල් නොයවාම පැහැදිලි විය. එමෙන්ම විප්ලව කාලය තුලදී ධනපතියන්ගේ සංවර්ධනය ඒකාන්ත වශයෙන්ම සීඝ්‍රවිය. වංශවතුන්ගෙන් හා පල්ලියෙන් රාජසන්තක කරන ලද ඉඩම් සම්බන්ධයෙන් සම්ප්‍රේෂණයෙහි යෙදීමෙන්ද යුද්ධ හමුදා කොන්ත්‍රාත් මගින් ජාතියට වංචා කිරීමෙන්ද ඔවුහු එසේ සංවර්ධනය වූහ. අධ්‍යක්ෂ මණ්ඩලය යටතේ ප්‍රංශය විනාශ මුඛයට ආසන්න වීමෙන් නැපෝලියන්ට ඔහුගේ කුමන්ත්‍රනය කිරීම සදහා හේතුවක් ලැබුනේ එවකට බල පැවති මෙම වංචාකාරයන්ගේ අධිපතීත්වය නිසාය. මහජනයා සහ වරප්‍රසාද ලත් පංති අතර සතුරුතාවය "වැඩ කරන්නන්" හා "අලසයන්" අතර වන සතුරුතාවයක ආකාරයකින් සෙන්-සිමොන් ට පෙනී ගියේ එහෙයිනි. අලසයන් වූයේ හුදෙක් පැරණි වරප්‍රසාද ලත් පංති පමණක්ම නොවේ. නිෂ්පාදනයට හෝ බෙදාහැරීමට හවුල් නොවී ස්වකීය ආදායමෙන් යැපෙන සියළු දෙනාමත් හම ගණයට අයත් විය. එමෙන්ම "වැඩ කරන්නන්" වූයේ වේතන කම්කරුවන් පමණක් නොව, කර්මාන්ත කරුවන් වෙළෙන්දන් සහ බැංකු කරුවන්ද ඇතුළුවය. බුද්ධිමය නායකත්වය දීමේ සහ දේශපාලන ප්‍රධානත්වය ගැනීමේ හැකියාව නොමැති බව ත්‍රස්තයේ රාජ්‍යයේ අත්දැකීම් වලින් ඔප්පු වූ සෙයක් සෙන්-සිමොන්ට පෙනී ගියේය. එසේනම් මෙම අණදෙන බලය තිබුණේ කාටද? ‍සෙන්-සිමොන් කියන ලෙසට විද්‍යාව සහ කර්මාන්තය යන දෙකම නව ආගමික බැම්මකින් එකට බැදී එක්සත් වන්නේය. ප්‍රතිසංස්කරණයෙන් පසුව නැතිව ගිය ආගමික අදහස් වල සමතයක්, එනම්, අවශ්‍යයෙන්ම ගූඨ ස්වභාවයක් දරණ සහ අනම්‍යශීලි තනතුරු පද්ධතියක් සහිත "නව ක්‍රිස්තියානි" දහමක් පුණරුත්ථාපනය කිරීමට එම එක්සත් කම ඉරණම්ව ඇත. එහෙත්, විද්‍යාව කියන විදිහට එහි ඇත්තේ උගතුන්ය, කර්මාන්තයෙහි ඇත්තේ, පලමුකොටම වැඩ කරන ධනපතියන්, කර්මාන්ත කරුවන්, වෙළෙන්දන් හා බැංකු කරුවන්ය. සෙන්-සිමොන් ඇත්ත වශයෙන්ම බලාපොරොත් වූයේ මෙම ධනපතියන් සහජන නිලධාරීන් සහ සමාජයේ භාරකාරයන් විශේෂයක් ලෙසට පරිවර්තනය වනු ඇතැයි යන්නය. එහෙත් ඒ අතරම ඔවුහු කම්කරුවන් හමුවේ අණදෙන සහ ආර්ථික වශයෙන් වරප්‍රසාද ලත් තත්වයක් දැරිය යුතු විය. ණය හැසිරවීම තුලින් සමස්ත සමාජමය නිෂ්පාදනයම මෙහෙය වීම විශේෂයෙන් බැංකුකරුවන්ට පැවරීමට අදහස් කරන ලදී. ප්‍රංශයේ නවීන කර්මාන්ත හා ඒ සමගම ධනපති පංතිය හා නිර්ධන පංතිය අතර පරතරයද ඇතිවීම ආරම්භයෙන් ඔබ්බට නොගිය කාලයකට මෙම සංකල්පය හරියටම ගැලපුනේය. නමුත් සෙන්-සිමොන් විශේෂයෙන්ම අවධාරණය කරන්නේ මෙයයි. ප්‍රථමයෙන්ම හා අන් සියල්ලටම වඩා ඔහුගේ උනන්දුව යොමු වූයේ "සංඛ්‍යාවෙන් ඉතාම වැඩි සහ ඉතාමත් දුප්පත් පංතියට" අත් වූ ඉරණම කෙරෙහිය. (la classe la plus nombreuse et la plus pauvre) සෙන්-සිමොන්ගේ ජිනීවා ලිපිවලින්ම "සියළු මිනිසුන් වැඩ කළ යුතුය" යන ප්‍රස්තුතය ඔහු ඉදිරිපත් කරයි. තවද ත්‍රස්තයේ රාජ්‍ය දේපල අහිමි පොදු ජනතාවගේ රජයක් වූ බවත් ඔහු එම කෘතියෙන්ම පිලිගනී. ඔහු ඔවුනට මෙසේ කියයි.

"ඔබගේ සහෝදරවරු ප්‍රංශයේ පාලන බලය ඇතිව සිටි කාලයේ එහි සිදුවූ දේ බලන්න, ඔවුහු දුර්භික්ෂයක් ඇති කලහ" එසේ නමුත් ප්‍රංශ විප්ලවය පංති යුද්ධයක් ලෙසට, හුදෙක් වංශවතුන් හා ධනපතියන් අතර නොව, වංශවතුන්ද, ධනපතිය් සහ දේපල අහිමියන් අතර කෙරුණු යුද්ධයක් ලෙසට 1802 වර්ෂයේදී හදුනා ගැනීම අනාගතයට ඉතාමත් වැදගත් සොයා ගැනීමක් විය. 1816 දී දේශපාලනය යනු නිෂ්පාදනයේ විද්‍යාවයයි ප්‍රකාශ කල ඔහු අර්ථ සාස්ත්‍රය විසින් සම්පූර්ණයෙන්ම උදුරාගනු ඇතැයි යනුවෙන් අනාවැකියක්ද පලකරයි. දේශපාලන ආයතන වල පදනම වන්නේ ආර්ථික තත්වයන්ය යන ප්‍රස්තුතය මෙහි අන්තර්ගතව ඇත්තේ කලල ස්වරූපයෙන් පමණකි. එසේ වුවද මෙහි ඉතා පැහැදිලිවම ප්‍රකාශ කර තිබෙන්නේ මිනිසුන් මත පනවා තිබෙන දේශපාලන පාලනය අනාගතයේදී භාණ්ඩ පාලනයක් හා නිෂ්පාදන ක්‍රියාදාමය මෙහෙය වීමක් බවට පත්වීම, එනම් මෑතදී මෙතරම් ඝෝෂාවකට හේතු වුනු "රාජ්‍ය අහෝසි කිරීම" පිලිබද අදහසය. යුරෝපයේ සමෘධිමත් සාමයක් ඇති වීමේ එකම සහතිකය ප්‍රංශය හා එංගලන්තය අතරද ඒ දෙරටම හා ජර්මනිය අතරද සන්ධානයක් ඇතිවීමය යි. 1814 දි මිත්‍ර හමුදා පැරීසියට ඇතුළු වු පසු ඒ වහාම සහ 1815 දී සිය දවසේ යුද්ධය45 සමයේදී සෙන්-සිමොන් ප්‍රකාශ කළ විට, ඔහුගේ සමකාලීනයන්ට වඩා ඔහු ශේෂ්ඨයෙක් වන බව නැවතත් පෙනී ගියේය. වෝටර්ලු හි46 ජයග්‍රහකයන් හා සමග සන්ධානයක් ඇති කර ගැනීම ගැන 1815 දී ප්‍රංශුවන්ට දේශනා කිරීමට විශාල ධෛර්යක් හා එතරම්ම විශාල ඓතිහාසීය ඉදිරිදැක්මක්ද අවශ්‍ය විය.

සෙන්-සිමොන් කෙරෙන් අපට සර්වග්‍රාහී ස්වභාවයේ පුළුල් දෘෂ්ටියක් දක්නට ලැබෙන නිසාම පසු කාලයේ සමාජවාදීන් ප්‍රකාශ කළ නිශ්චිත වශයෙන් ආර්ථික නොවන අදහස් සියල්ලම පාහේ ඔහුගේ අදහස් තුළ කලල ස්වරූපයෙන් ගැබ්ව ඇති බව පෙනේ නම් සාජයේ පවත්නා තත්වයන් ගැනසැබවින්ම ප්‍රංශ ස්භාවය ඇති සහ සිනා රස මුසු හෙත් එනිසා කිසිසේත් පරිපූර්ණත්වයෙන් අඩු නොවන විවේචනයක් අපට ෆූරියේ කෙරෙන් දක්නට ලැබේ. ධනපතියනුත් විප්ලවයට පෙර ඔවුන්ගේ ආශිර්වාදය ලත් අනාගත වක්තෘවරුනුත් ඉන් පසුව ඔවුන් ගැන ගුණ ගායනා කරන ඔවුන්ගේ යහපත පතන්නනනුත් කියන දේ ෆූරියේ ඒ හැටියෙන්ම ගන්නේය. ඔහු ධනපති ලෝකයේ ද්‍රව්‍යමය සහ සදාචාර දුකෙන් පිරුනු ස්භාවය කිසිම පැකිළිමකින් තොරව විවේචනය කළේය. ඔහු මෙම ලෝකයත් තර්ක බුද්ධියම පමණක් රජ කරන සමාජයක්ද වාසනාව විශ්වීය වන ශිෂ්ඨාචාරයක්ද සීමා නොකළහැකි මිනිස් පරිපූර්ණත්වයද පිලිබදව කලින් දර්ශනවාදීන් දුන් කාන්තිමත් පොරෝදුත් එමෙන්ම ඔහුගේ කාලයේ ධනපති දෘෂ්ට්ටාවාදීන් හඩ නැංවු මිහිර වාග් මාලාවනුන් එකකට අනික අභිමුඛ කොට තැබීය. ඉතාමත් ඝෝශාකාරී මහා ශාබ්දික පාඨ සමග සාමගාමීව සෑම තැනකම පවතින්නේ ඉතාමත් කණගාටුදායක යථාර්ථයක් බව පෙන්වා දෙන ඔහු මෙම මහා පාඨ පටලැවිල්ල ඔහුගේ ඇනුම් පද සහිත උපායෙහි ගිල්වයි. ෆූරියේ විවේචකයෙක් පමණක්ම නොවේ. ඔහුගේ නොකැළඹෙන ශාන්ත ස්භාවය ඔහු උපහාස රචකයකු බවට පත් කරයි. එපමණක් නොව ඔහු මෙතෙක් දක්නා ලද ශ්‍රෙෂ්ඨතම උපහාස රචකයන්ගෙන් කෙනෙක් වන බවද නිසැකය. විප්ලවයේ බිද වැටීම මතුයෙහි පිපීගිය වංචාකාරී සමපේක්ෂණය සහ එකල ප්‍රංශ වාණිජයෙහි බල පැවැත්වු සහ ස්භාව නිරූපි වු සාප්පුකාර ජීවගුණයද බලවත් ලෙස සහ ඒ සමානව මනස්කාන්ත ලෙස ඔහු විසින් විස්තර කරනු ලැබේ. ස්ත්‍රී පුරුෂ සම්බන්ධයේ ධනපති ආකෘතිය සහ ධනපති සමාජයේ කාන්තාවට හිමි තැන පිලිබද වු ඔහුගේ විවේචන ඊටත් වඩා විශිෂ්ඨය. ඕනෑම නියමිත සමාජයක කාන්තාවකගේ විමුක්තිය පොදු විමුක්තිය් ස්භාවික මිමිම වන බව ප්‍රථමයෙන් ප්‍රකාශ කළ තැනැත්තා ඔහුය. නමුත් ෆූරියේ ඔහුගේ ශේෂ්ඨත්වයේ උසස්ම තැනට එළඹෙන්නේ සමාජයේ ඉතිහාසය පිළිබද ඔහුගේ සංකල්පය ඉදිරිපත් කිරීමෙනි. මෙතෙක් ගෙවුනු සම්පුර්ණ ඉතිහාස මාර්ගය ඔහු විසින් පරිනාම අවධි හතරකට බෙදනු ලැබේ. මිලෙච්ච අවධිය, පිතෘ මුලික සමාජ ක්‍රමය, අශිලාචාර යුගය හා ශිෂ්ඨාචාර යනු ඒ අවධි හතරය මෙහි සදහන් අවසාන අවධිය අද පවත්නා ඊනියා සිවිල් හෝ සේ නැතහොත් ධනපති සමාජය සමග නම් දහසයවන වර්ෂයේ පටන් ආර්ම්භ වු සමාජ ක්‍රය සමග සර්සවම වන්නේය.

"වනචාරි යුගය විසින් සරල විධියකින් ක්‍රියාත්මක කරන ලද දුශ්චරිතයන් ශිෂ්ඨාචාර යුගය විසින් සංකීරණ ව්‍යකූල අනිශ්විත හා කුහක ාකාරයේ පැවැත්මකට උසස් කරන" බවද ශිෂ්ඨාචාරය "විෂම කවයක" එය නිරතුරුවම ප්‍රයෝජනය කරන එහෙත් එයට විසදිය නොහැකි ප්‍රතිවිරෝධයන් තුලින් ගමන්කරන බවද එනිසා ය දිනාගැනීමට අපේක්ෂා කරන නැතහොත් දිනා ගැනීමට අපේක්ෂා කරන බවත් පෙන්වන දෙයට සම්පුර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධ ාදය වෙත එය නිතරම එළඹෙන බවද නිදර්ශනයක් වශයෙන් "ශිෂ්ඨාචාරය යටතේ දුප්පත්කම උපදනේ වස්තු අතිබාහුල්‍යතාවයෙන්ම" වන බවද ඔප්පු කරයි.

ෆූරියේ ඔහුගේ සමකාලීන හේගල් මෙන්ම ඉතාමත් දක්ෂ ලෙස දයලෙක්තික විධිය උපයෝගි කරගන්නා බව අපට පෙනේ. මෙම දයලෙක්තික විධියම යොදා ගනිමින් සීමා නොකළ හැකි මිනිස් පරිපුර්ණත්වය ගැන වු කථාවට එරෙහිව තර්ක කරන ඔහු සෑම ඓතිහාසික සමයකම උද්ගමන කාලයක් සහ අවගමන කාලයක් ඇතැයි කියමින් එම නිරික්ෂණය සමස්ත මිනිස් වර්ගයාගේම අනාගතයට ගලපන්නේය.

Marxist AI

Select Language / භාෂාව තෝරන්න / மொழியைத் தேர்ந்தெடுக்கவும்