අවකාශය හා කාලය ද්‍රව්‍යයෙහි පැවැත්මේ ස්වරූප වශයෙන්.
මේ අනුව චලිතයේ ද්‍රව්‍යයේ පොදු (විශ්වීය) ගුණාංගයක් සහ එහි පැවැත්මේ මාධ්‍යය වෙයි. ද්‍රව්‍යයට චලිතයෙන් තොරව පැවතිය නොහැක. එසේම චලිතයටද ද්‍රව්‍යයෙන් තොරව පැවතිය නොහැකියි.ද්‍රවයේ චලිතය සිදුවන්නේ අවකාශය සහ කාලය තුළය. අවකාශයෙන් හා කාලයෙන් පිටත ද්‍රව්‍යයක් නොමැත. ඒවායේ දාර්ශනික අර්ථ නිරූපණය කුමක්ද? අවකාශය හා කාලය වාස්තවික ලෙස හා අපේ විඥානයෙන් ස්වාධීනව පවතී. “අවකාශය“ ද්‍රව්‍යයේ පැවැත්මෙහි ස්වරූපයක් වශයෙන් දර්ශනවාදය අර්ථ නිරූපනය කරයි. එම ස්වරූපය එහි ව්‍යාප්තිය, එහි විශේෂ ස්ථානය සහ ද්‍රව්‍යමය ලෝකයේ අනෙකුත් වස්තු අතර එහි ව්‍යාප්තිය (බෙදී යන ආකාරය) පෙන්නුම් කරයි. කාලය ද්‍රව්‍යයේ පැවැත්මේ එක් ස්වරූපයකි. එය සියළු වස්තුවල පැවැත්මේ ජීවිත කාලය සහ එකිනෙක ප්‍රතිස්ථාපනය කරන වස්තුවල තත්වයන්ගේ අනුක්‍රමය නිරූපනය කරයි. වෙනත් වචනවලින් කිවහොත්, අවකාශය තුළ සිටීම යනු අනෙක් වස්තුවලට සාපේක්ෂව පැවතීමය. කාලය තුළ පැවැත්ම යනු එකක් පසුපස තවෙකක් වශයෙන් අනුක්‍රමයෙන් සිටීමය. ද්‍රව්‍යය, අවකාශය සහ කාලය මිනිස් විඥානයෙන් ස්වාධීනව පවතින අතර සමීප ලෙස අන්තර් සම්බන්ධිතය. ද්‍රව්‍යයට කාලයෙන් සහ අවකාශයෙන් පරිභාහිරව පැවතිය නොහැක්කා සේම කාලයට සහ අවකාශයටද ද්‍රව්‍යයෙන් තොරව පැවතිය නොහැක. අවකාශය සහ කාලය අන්තර්සම්බන්ධිතව පවත්නේ ද්‍රව්‍යය සමඟ පමණක් නොවේ. ඒ දෙක එකිනෙක සමඟද අන්තර්සම්බන්ධිතව පවතී. “චලිතයේ ප්‍රවති ද්‍රව්‍ය මිස ලෝකයේ අන්කිසිවක් නැත. එසේම චලිතයේ පවතින ද්‍රව්‍යයට අවකාශයේ හා කාලයේ මිස අන් අයුරකින් චලනය විය නොහැක.“ වී.අයි. ලෙනින් ලිවීය.
සදාතනික වස්තු, ක්‍රියාදාම හෝ ප්‍රපංච නැති බව මානව වර්ගයාගේ සමස්ථ අත්දැකීම් සමුදාය පෙන්වා ඇත. අවුරුදු සිය කෝටි ගණන් පැවත අවුත් ඇත්තා වූ අවකාශ වස්තුවලට (ග්‍රහවස්තුවලට) පවා ඒවායේ ආරම්භයක් සහ අවසානයක් නැත. කෙසේ වුවද, දාර්ශනික අරුතින් ද්‍රව්‍යය සදාතනිකය. ඊට හේතුව වස්තු කැඩී බිඳී යාමෙන් (ව්‍යනුකලනයෙන්) හෝ විනාශ වී යාමෙන් ඡායාමාත්‍රයකුදු අතුරුදහන් වී නොයන අතර, ඒවා වෙනත් වස්තු හා ප්‍රපංච බවට පරිවර්තනය වීම ය. නිදසුනක් වශයෙන්, එක් ද්‍රව්‍යයක් අණුවල ව්‍යනුකලනය වෙනත් ද්‍රව්‍යවල අණුවල බිහිවීමට තුඩු දෙයි. එක් ජීවින් පරම්පරාවක් සහ ජීවින් විශේෂයක් පවා වෙනත් පරම්පරා සහ විශේෂයන් මගින් ප්‍රතිස්ථාපනය කෙරේ. තාරකාවක් අභාවයට ගිය විට, එහි ද්‍රව්‍යයෙන් කිසිවක් ඉතිරිව නැතැයි එයින් අදහස් නොවේ. ද්‍රව්‍ය සංස්ථිති නියමයෙන් සොයාගෙන ඇත්තා වූ විද්‍යාව විවිධ පරිවර්තනයන්ට යටත්වීම මගින්, ද්‍රව්‍යය කිසි දිනක “ශූන්‍යයක්“ බිහි නොවන බවත්, “ශූන්‍යයකින්“ ද්‍රව්‍යයක් බිහි නොවන බවත් ඔප්පු කරයි. ද්‍රව්‍යය සදාතනිකය. එය මැවීමට හෝ විනාශ කිරීමට නොහැකිය.
ද්‍රව්‍යය කාලය අතින් සදාතනික පමණක් නොවේ. එය අවකාශමය අතින් අනන්තද වේ. විද්‍යාත්මක සොයා ගැනීම් අප දන්නා ලෝකයේ අවකාශමය සීමාවන් අවිච්ඡින්නව පුළුල් කරමින් සිටී. නවීන දුරදක්න (දුරේක්ෂ) අපෙන් ආලෝක වර්ෂ සිය කෝටි ගණනාවක් ඈත් ඇත්තා වූ තාරකා දැකීමට හැකියාවක් ඇති කරයි. තවද, මූලික අංශුවල ත්වරකයන් කොතරම් කුඩා දුර ප්‍රමාණයන් මැණීමට හැකියාවක් ඇති කරද්දැයි කියහොත් ඒවා ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයක් මගින් පවා දැකිය නොහැකිය. ද්‍රව්‍යමය විශ්වයේ සීමාවන් අනන්තය.
මාක්ස්වාදී ව්ශ්වව්ද්‍යාලය අධ්‍යාපාන කමිටුව. මාක්ස්වාදී ව්ශ්වව්ද්‍යාලය/ Maxiat university