← Back to Articles

විශ්වය.. ,පෘථිවියේ භෞතික , රසායනික, ජීව හා මිනිසාගේ පරිණාමය කෙටි ලිපි මාලාව....

2026-01-21By Marxist University

විශ්වයේ බිහිවීම


විශ්වයේ බිහිවීම පිළිබඳ මිනිසා තුළ ගොඩනැඟී තිබූ මැවුම් වාදය ඇතුළු ආගමික සංකල්පයන්ප්‍රතික්ෂේප කරමින් ,අද වන විට විශ්වයේ බිහිවීම පිළිබඳ වඩාත් පිළිගැනෙන විද්‍යාත්මක මතය වන්නේ මහා පිපුරුම් වාදයයි.

ඇල්බට් අයින්ස්ටයින් විසින් ඉදිරිපත් කර තිබූ සාපේක්ෂතාවාදයේ මූලධර්මයන්ට අනුව රුසියානු ජාතික විද්‍යාඥයෙකු වූ ඇලෙක්සැන්ඩර් ෆ්‍රීඩ්මාන් විසින්1922 දී විශ්වයේ බිහිවීම සම්බන්ධයෙන් ගණිතානුකූලව ඉදිරිපත් කළ මත දැක්වීම මහා පිපුරුම් වාදයට අදාළ කල්පිතය ගොඩනැංවීමේ ප්‍රවේශය සලසා දෙන ලදී.

විශ්වයේ සාපේක්ෂ ආරම්භයක් හා ප්‍රසාරණය පිළිබඳ අදහසක් ඒ තුළ ගැබ්ව පවතී.එම ගණිත මූලධර්ම එසේ පවතිද්දී මහා පිපිරුම යන සංකල්පය මුල්වරට ඉදිරිපත් කරන ලද්දේ බෙල්ජියම් ජාතික පූජකයෙකු මෙන්ම විද්‍යාඥයෙකු වූ ජෝර්ජ් ලැමිට්‍රි විසිනි. මෙම ප්‍රකාශිත මතය තහවුරු කිරීම සඳහාපළමු සොයා ගැනීම කරනු ලැබුවේ ඇමරිකානු ජාතික විද්‍යාඥයෙකු වූ එඩ්වින් හබල්ය. ඒ 1929 දී රක්ත විස්ථාපන මූලධර්මය හරහා සියළු මන්දාකිණි එකිනෙකින් ඈත්වෙමින් පවතින බව සොයා ගැනීමයි. (විශ්වයේ ප්‍රසාරණය) මෙලෙස විශ්වය ප්‍රසාරණය වන්නේ නම් එක්තරා අවස්ථාවක ඒ සියල්ල එක් ස්ථානයක සිට විසිරීම ඇරඹි බවට නිගමනය කළ හැකි විය.

"මහා පිපුරුම් වාදය" ඒ වන විටත් එතරම් අවධානයකට ලක් නොවී තිබුණු අතර , මෙම සොයා ගැනීමත් සමඟවිද්‍යාඥයින් නැවත වරක් මෙම සංකල්පය දෙස විශේෂ අවධානය යොමු කරනු ලැබීය.

(මහා පිපිරුම යනු කුමක්ද 03 කොටසින් හමුවෙමු)

මාක්ස්වාදී ව්ශ්වව්ද්‍යාලය/ Marxists university See less

Marxist AI

Select Language / භාෂාව තෝරන්න / மொழியைத் தேர்ந்தெடுக்கவும்