← Back to Articles

ප්‍රංශ සංස්කරණයෙහි පෙරවදන

2026-05-06By Karl Marx

පුරවැසි මොරිස් ලෂතේ වෙත, හිතවත් පුරවැසිය Das Kapital හි පරිවර්තනය කොටස් වශයෙන් පළ කිරීමට ඔබ දක්වන අදහස මම අගය කරමි. එම ස්වරූපයෙන් පොත කම්කරු පංතියට වඩා පහසුවෙන් ලබා ගත හැකි වනු ඇත. එය අන් සියල්ලට ම වඩා මා හට වැදගත්ය. ඔබේ යෝජනාවේ හොඳ පැත්ත එයය. එහෙත් කාසියෙහි අනෙක් පැත්ත මෙසේය: ම විසින් උපයෝගී කරන ලද සහ ආර්ථික විද්‍යා විෂයයන්ට ඉහත දී යොදා නොගත් විශ්ලේෂන විධික්‍රමය හේතුවෙන් මුල් පරිච්ඡේද කියවීම තරමක් දුෂ්කර ය. එක්වර දිගට ම යන්නට නොහැකි වීම නිසා නිගමනයකට බැසීමට හැම විට ම නොඉවසිලිමත්ව සිටින සාමාන්‍ය මූල ධර්ම සහ තම ආශා කුල්මත් කළ ක්ෂණික ප්‍රශ්න අතර සම්බන්ධය දැන ගැනීමට පුල පුලා සිටින ප්‍රංශ ජනයා ගේ සිත් අධෛර්යය වන්නට පිළිවනි. එය අවාසියකි. උද්යෝගිමත් ව සත්‍යය සොයන පාඨකයන්හට කල්තියා අනතුරු හඟවනු හැර එය මඟ හැරවීමට මා සතු බලයක් නැත. විද්‍යාව වෙත දිව යන රජ මාවතක් නැත. එහි දීප්තිමත් ගිරි කුළු ජයගත හැකි වන්නේ දළ මංපෙත් නැඟීමෙහිදී හටගන්නා විඩාවට බිය නොවන්නන් හට පමණි. 1872 මාර්තු 18 ලන්ඩන් මා විශ්වාස කරන්න. හිතවත් පුරවැසිය, ඔබේ බැතිමත්, කාල් මාක්ස් ☭ Marxist University #මාක්ස්වාදීවිශ්ව

Marxist AI

Select Language / භාෂාව තෝරන්න / மொழியைத் தேர்ந்தெடுக்கவும்