← Back to Articles

මාක්ස් ලෙනින්වාදී දර්ශනයේ මුලික මුලධර්ම.

2026-11-03•By Nimesh Devanga

ර්ශනවාදයේ මූලික ප්‍රශ්නය, භෞතිකවාදය සහ විඥානවාදය අතර අරගලය සහ දයලෙක්තික භෞතිකවාදයේ විප්ලවීය හරය කාල් මාක්ස් සහ ප්‍රෙඩ්රික් එංගල්ස් විසින් නිර්ධන පංතියේ පංති අරගලය සම්පිණ්ඩනය කරමින් බිහි කරන ලද මාක්ස්වාදයේ දාර්ශනික පදනම වන්නේ දයලෙක්තික හා ඓතිහාසික භෞතිකවාදය වන අතර වී.අයි. ලෙනින් විසින් අධිරාජ්‍යවාද යුගයේ නව කොන්දේසි තුළ එය තවදුරටත් නිර්මාණාත්මකව වර්ධනය කරන ලදී. දර්ශනවාදයේ මූලික ප්‍රශ්නය වන සත්තාව සහ විඥානය අතර සම්බන්ධය, ද්‍රව්‍යය සහ අධ්‍යාත්මය අතර සම්බන්ධය තේරුම් ගැනීමෙන් තොරව මාක්ස්වාදය තේරුම් ගත නොහැකිය. දර්ශනවාදය හෙවත් Philosophy යන වචනය ග්‍රීක බසින් Philo යනු ආදරය සහ Sophia යනු ඥානය යන අර්ථයෙන් බිහි වූ අතර මිනිසා ලෝකයේ ආරම්භය සහ ලෝකය තුළ තම තැන පිළිබඳව සිතීමට පටන් ගැනීමත් සමඟ දර්ශනවාදය බිහි විය. ලෝකය අවබෝධ කර ගැනීමේදී තීරණාත්මක කාරණය වන්නේ අප අවට ඇති දේ ද්‍රව්‍යමයද නැතහොත් සංකල්පමය හෝ අද්‍රව්‍යමයද යන්න තේරුම් ගැනීම වන අතර ඒ මත පදනම්ව දාර්ශනිකයින් භෞතිකවාදීන් සහ විඥානවාදීන් ලෙස කණ්ඩායම් දෙකකට බෙදේ. භෞතිකවාදීන් පවසන්නේ ද්‍රව්‍යය ප්‍රාථමික බවත් විඥානය ද්විතීයික බවත්ය. විඥානය යනු ද්‍රව්‍යයේ වර්ධනයේ උසස්ම නිෂ්පාදිතය වන මිනිස් මොළයේ ගුණයක් බවත් එය පරිබාහිරව පවතින වාස්තවික ලෝකය පරාවර්තනය කරන බවත් අප ඇතුළු ලෝකය දෙවියන්ගේ මැවීමක් නොව ස්වභාවයෙන්ම පවතින තමන්ගේම නියමයන්ට අනුව වර්ධනය වන ද්‍රව්‍යමය ලෝකයක් බවත්ය. අනෙක් පසින් විඥානවාදීන් පවසන්නේ අද්භූත බලය එනම් ආත්මය සොබාදහමට පෙර පැවති බවත් එය සොබාදහමේ මැවුම්කරු බවත්ය. ඔවුන්ගෙන් මනෝමූල විඥානවාදීන් පවසන්නේ බාහිර ලෝකයේ වස්තු සහ ප්‍රපංච සෑම පුද්ගලයෙකුගේම විඥානය විසින් නිර්මාණය කරන බවත් මුළු ලෝකයම මගේ සංවේදන සංකීර්ණයක් බවත්ය. වාස්තවික විඥානවාදීන් පවසන්නේ ද්‍රව්‍යමය ලෝකය පුද්ගල විඥානයෙන් පරිබාහිරව පවතින විශ්වීය හේතු ධර්මයක හෝ නිරපේක්ෂ අදහසක නිෂ්පාදිතයක් බවත්ය. දර්ශනවාදයේ මූලික ප්‍රශ්නයේ දෙවන අංශය වන ලෝකය ප්‍රජානනය කළ හැකිද යන ප්‍රශ්නයේදී භෞතිකවාදීන් පවසන්නේ ලෝකය ප්‍රජානනය කළ හැකි බවත් මිනිසාගේ සමාජ පරිචය, ශ්‍රමය සහ විද්‍යාත්මක පර්යේෂණ තුළින් සොබාදහමේ රහස් සොයා ගත හැකි බවත්ය. මාක්ස්වාදය පෙන්වා දෙන්නේ මෙම දාර්ශනික අරගලය හුදෙක් අදහස් අරගලයක් නොව පංති අරගලයේ දාර්ශනික පිළිබිඹුවක් බවයි. විඥානය ප්‍රාථමික නම් සූරාකන ක්‍රමය දේව කැමැත්ත නිසා අලංඝනීය සහ සදාකාලික වන අතර එය වෙනස් කළ නොහැකි බවට යුක්ති යුක්ත කරන අතර ද්‍රව්‍යය ප්‍රාථමික නම් සමාජ-ආර්ථික ක්‍රමය මිනිසා විසින්ම නිර්මාණය කරන ලද්දක් නිසා මිනිසාටම එය අහෝසි කර සූරාකෑමෙන් තොර නව සමාජයක් ගොඩනැගිය හැකි බවට ඉඩ හසර විවර වේ. එබැවින් විඥානවාදය ප්‍රතිගාමී සමාජ බලවේගයන්ගේ අවශ්‍යතා සඳහා සේවය කරන අතර භෞතිකවාදය ප්‍රගතිශීලී විප්ලවීය බලවේගයන්ගේ අවශ්‍යතා නියෝජනය කරයි. මාක්ස්ට පෙර පැවති ෆොයර්බාක්ගේ යාන්ත්‍රික භෞතිකවාදය ද්‍රව්‍යය ප්‍රාථමික බව පිළිගත්තද ලෝකය දෙස බැලුවේ metaphysical ලෙස එනම් වෙනස් නොවන, හුදකලා වූ වස්තූන්ගේ එකතුවක් ලෙස වන අතර වර්ධනයේ මූලාශ්‍රය පැහැදිලි කිරීමට නොහැකි විය. මාක්ස් සහ එංගල්ස් විසින් හේගල්ගේ දයලෙක්තිකයේ විප්ලවීය හරය එහි විඥානවාදී රාමුවෙන් ඉවත් කර භෞතිකවාදය සමඟ ඒකාබද්ධ කර දයලෙක්තික භෞතිකවාදය බිහි කරන ලදී. එහි මූලික ලක්ෂණ වන්නේ විශ්වීය සම්බන්ධතාවය, නිරන්තර චලනය සහ වර්ධනයයි. මෙම වර්ධනයේ මූලාශ්‍රය පැහැදිලි කරන දයලෙක්තිකයේ මූලික නියමයන් තුනක් වන ප්‍රතිවිරෝධයන්ගේ එකමුතුකම සහ අරගලය, ප්‍රමාණාත්මක වෙනස්කම් ගුණාත්මක වෙනස්කම් බවට පත්වීම සහ නිෂේධනයේ නිෂේධනය යන නියමයන් තුළින්ම ලෝකයේ විප්ලවීය වර්ධනය පැහැදිලි වේ. ඓතිහාසික භෞතිකවාදය, නිෂ්පාදන ක්‍රමය, අධෝ (යටිතල,අර්ථික) ව්‍යුහය සහ උපරි ව්‍යුහය සහ පංති අරගලය පිළිබඳ මාක්ස්වාදී විග්‍රහය දයලෙක්තික භෞතිකවාදය මිනිස් සමාජ ඉතිහාසයට යෙදීම ඓතිහාසික භෞතිකවාදය වන අතර මෙය මාක්ස්ගේ ශ්‍රේෂ්ඨතම සොයා ගැනීමයි. මෙතෙක් පැවති ඉතිහාස දර්ශනයන් ඉතිහාසය පැහැදිලි කළේ ශ්‍රේෂ්ඨ පුද්ගලයින්ගේ අදහස් මත වන අතර මාක්ස් පෙන්වා දුන්නේ මිනිසුන් දේශපාලනය, කලාව, ආගම ගැන සිතීමට පෙර ජීවත් විය යුතු බවත් ජීවත් වීමට නම් ආහාර, ඇඳුම්, නිවාස නිෂ්පාදනය කළ යුතු බවත්ය. එබැවින් සමාජයේ පදනම වන්නේ ද්‍රව්‍යමය ජීවන නිෂ්පාදනය හෙවත් නිෂ්පාදන ක්‍රමයයි. නිෂ්පාදන ක්‍රමයක් යනු නිෂ්පාදන බලවේගයන් සහ නිෂ්පාදන සබඳතාවල එකතුවයි. ඉතිහාසයේ සෑම යුගයකම සමාජයේ යටිතල (අර්ථික) ව්‍යුහය වන්නේ මෙම නිෂ්පාදන ක්‍රමය වන අතර එම යටිතල හෙවත් අර්ථික ව්‍යුහය මත දේශපාලනය, නීතිය, රාජ්‍යය, ආගම, දර්ශනය, කලාව, සදාචාරය යන උපරි ව්‍යුහය ගොඩනැගේ. යටිතල (අර්ථික) ව්‍යුහය වෙනස් වන විට උපරි ව්‍යුහයද වෙනස් වේ. එබැවින් ඉතිහාසය තීරණය කරන්නේ අදහස් නොව ද්‍රව්‍යමය කොන්දේසි වේ. මේ අනුව මානව ඉතිහාසය පංති සමාජයන්ගේ ඉතිහාසය ලෙස බෙදා දැක්විය හැකිය. ආදි කොමියුනිස්ට් සමාජය බිඳ වැටීමෙන් පසු වහල් හිමි සමාජයේ වහල් හිමියා සහ වහලා, වැඩවසම් සමාජයේ ඉඩම් හිමියා සහ දාස ගොවියා, ධනවාදී සමාජයේ ධනපතියා සහ නිර්ධන පංතිය යන සූරාකන සහ සූරාකෑමට ලක්වන ප්‍රධාන පංති දෙකක් අතර පංති අරගලය පැවති අතර ඒ තුළින්ම ඉතිහාසය ඉදිරියට ගමන් කළේය. නිෂ්පාදන බලවේගයන් වර්ධනය වන විට පැරණි නිෂ්පාදන සබඳතා ඒවාට බාධාවක් වන අතර එවිට සමාජ විප්ලවයක් හරහා පැරණි සබඳතා බිඳ දමා නව සබඳතා ඇති වේ. ධනවාදයේදී නිෂ්පාදන බලවේගයන් අතිශයින් සමාජීය ස්වභාවයක් ගන්නා නමුත් නිෂ්පාදන සබඳතා පෞද්ගලික අයිතිය මත පදනම් වීම නිසා අධි නිෂ්පාදන අර්බුද, විරැකියාව, දරිද්‍රතාවය, යුද්ධ වැනි ප්‍රතිවිරෝධතා ඇති වේ. මෙම ප්‍රතිවිරෝධතා විසඳිය හැක්කේ නිර්ධන පංතිය විසින් දේශපාලන බලය අල්ලාගෙන නිෂ්පාදන මාධ්‍යයන් සමාජ සන්තක කිරීමෙනි. කාල් මාක්ස් සහෝදරයා විසින් හෙලිධරව් කරන ලද ධනවාදයේ ආර්ථික නියමයන් එනම් අතිරික්ත වටිනාකම පිළිබඳ න්‍යාය හරහා සූරාකෑමේ රහස හෙළි වේ. කම්කරුවා තම ශ්‍රම බලය විකුණන අතර ධනපතියා වැටුප ලෙස ලබා දෙන්නේ ශ්‍රම බලයේ වටිනාකමෙන් කොටසක් පමණක් වන අතර ඉතිරි කොටස අතිරික්ත වටිනාකම ලෙස ධනපතියා විසින් අත්පත් කර ගනී. එම අතිරික්ත වටිනාකම මතම ධනපති සමුච්චය ගොඩනැගේ. එබැවින් ධනවාදයේ ධනය එක් පසකින් සහ දරිද්‍රතාවය අනෙක් පසින් එකවර වර්ධනය වේ. ලෙනින්වාදය, අධිරාජ්‍යවාදය, පක්ෂය, නිර්ධන පංතියේ ආඥාදායකත්වය සහ ලෝක සමාජවාදී විප්ලවය කරා යන මාර්ගය. වී.අයි. ලෙනින් සහොදරයා විසින් මාක්ස්වාදය 20 වන සියවසේ නව ඉතිහාසමය යුගය වන අධිරාජ්‍යවාද යුගයේ කොන්දේසි තුළ නිර්මාණාත්මකව වර්ධනය කරන ලදී. ඔහු පෙන්වා දුන්නේ 19 වන සියවස අග වන විට නිදහස් තරඟකාරී ධනවාදය ඒකාධිකාරී ධනවාදය බවට පත්ව ඇති බවත්ය. බැංකු ප්‍රාග්ධනය සහ කාර්මික ප්‍රාග්ධනය ඒකාබද්ධ වී මූල්‍ය ප්‍රාග්ධනය බිහිවීම, මූල්‍ය කතිපයාධිකාරයේ ආධිපත්‍යය, ප්‍රාග්ධනය අපනයනය කිරීම, ලෝකය ඒකාධිකාරීන් අතර බෙදා ගැනීම සහ භූගෝලීය වශයෙන් අධිරාජ්‍යවාදී බලවතුන් අතර ලෝකය බෙදා ගැනීම අවසන් වීම යනු අධිරාජ්‍යවාදයේ ප්‍රධාන ලක්ෂණ පහ බවත් එය ධනවාදයේ උච්චතම සහ අවසාන අවස්ථාව වන අතර මිය යන ධනවාදය බවත්ය. එබැවින් එය යුද්ධ සහ විප්ලවයන්ගේ යුගයක් බවත්ය. එබැවින් ලෙනින් පෙන්වා දුන්නේ සමාජවාදී විප්ලවය එකවර සියලු දියුණු රටවල සිදු නොවී අධිරාජ්‍යවාදී දාමයේ දුර්වලම පුරුකෙන් පුපුරා යා හැකි බවයි. එහිදී විප්ලවය ජය ගැනීමට නම් නව ආකාරයේ පක්ෂයක් අවශ්‍ය බව ලෙනින් පෙන්වා දුන්නේය. එනම් ආර්ථිකවාදයට සහ අවස්ථාවාදයට එරෙහිව සටන් කරමින්, වෘත්තීය විප්ලවවාදීන්ගෙන් සැදුම්ලත්, ප්‍රජාතන්ත්‍රීය මධ්‍යගතබාය (කේන්ද්‍රවාදය) මත පදනම් වූ, මාක්ස්වාදී න්‍යායයෙන් සන්නද්ධ වූ, නිර්ධන පංතියේ පෙරටුගාමී කොමියුනිස්ට් පක්ෂයයි. පක්ෂය යනු පංතියේ මතක ශක්තිය, විඥානය සහ සංවිධානය බවත් පක්ෂයක් නැතිව නිර්ධන පංතියට බලය අල්ලා ගත නොහැකි බවත් ලෙනින් අවධාරණය කළේය. බලය අල්ලා ගැනීමෙන් පසු සූරාකන පංතීන්ගේ ප්‍රතිරෝධය මැඩලීමට සහ සමාජවාදය ගොඩනැගීමට නිර්ධන පංතියේ ආඥාදායකත්වය අවශ්‍ය බවත් එය බහුතරයක් වන නිර්ධන පංතියේ ප්‍රජාතන්ත්‍රවාදය සහ සුළුතරයක් වන සූරාකන පංතීන් සඳහා ආඥාදායකත්වය බවත් එය පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට වඩා දහස් ගුණයකින් ප්‍රජාතන්ත්‍රවාදී බවත්ය. රාජ්‍යය යනු පංති ආධිපත්‍යයේ උපකරණයක් බවත් නිර්ධන පංතියට පැරණි ධනපති රාජ්‍ය යන්ත්‍රය එලෙසම අත්පත් කර ගත නොහැකි බවත් එය බිඳ දමා නව ආකාරයේ රාජ්‍යයක් වන සෝවියට් හෙවත් කම්කරු සභා බලය ගොඩනැගිය යුතු බවත්ය. සමාජවාදය යනු කොමියුනිස්ට් සමාජයේ පළමු අවස්ථාව වන අතර එහිදී එක් එක් පුද්ගලයාගෙන් ඔහුගේ හැකියාව අනුව සහ ඔහුට ඔහුගේ ශ්‍රමය අනුව යන මූලධර්මය ක්‍රියාත්මක වන අතර අවසානයේ නිෂ්පාදන බලවේගයන් අතිශයින් වර්ධනය වී, පංති නැති වී, රාජ්‍යය වියැකී ගොස්, එක් එක් පුද්ගලයාගෙන් ඔහුගේ හැකියාව අනුව සහ ඔහුට ඔහුගේ අවශ්‍යතාවය අනුව යන මූලධර්මය ක්‍රියාත්මක වන සම්පූර්ණ කොමියුනිස්ට් සමාජයක් කරා යා හැකි බව මාක්ස්-ලෙනින්වාදය පෙන්වා දෙයි. එබැවින් මාක්ස්-ලෙනින්වාදී දර්ශනය යනු හුදෙක් ලෝකය තේරුම් ගැනීමේ න්‍යායක් පමණක් නොව, ලෝකය විප්ලවීය ලෙස වෙනස් කිරීමේ මාර්ගෝපදේශයයි. දැන් මුළුමහත් පෘථිවි ග්‍රහලෝකය පුරා නොනවතින ලෝක සමාජවාදී විප්ලවය ජයග්‍රහණය කර සාධාරණ සමාජයක්, යුක්ති ගරුක ලෝකයක් නිර්මාණය කර ග්‍රහලෝකය පුරා විද්‍යාත්මක කොමියුනිස්ට් සමාජයක් නිර්මාණය කළ යුතුව පවතී. ලිපිය: නිමේෂ් දේවන්ග මාක්ස්වාදී විශ්වවිද්‍යාලය / MARXIST UNIVERSIT

Marxist AI

Select Language / භාෂාව තෝරන්න / மொழியைத் தேர்ந்தெடுக்கவும்