මාක්ස්ගේ අපෝහක භෞතිකවාදය
අපෝහක භෞතිකවාදය නමැති දාර්ශනික දෘෂ්ටිය කාල් මාක්ස් (1818-1883) සහ ෆ්‍රෙඩ්රික් එංගල්ස් (1820-1895) විසින් සොබාදහම, ඉතිහාසය, සමාජය සහ ආර්ථිකය තේරුම්ගැනීමට හැඩගැස් වූ භෞතිකවාදී සංකල්පකි. 19වැනි සියවසේ මැද භාගයේදී මාක්ස්-එංගල්ස් විසින් භෞතිකවාදී දාර්ශනික සංකල්ප සංවර්ධනය කරන ලදී. එයට ජර්මානු ජෝජ් හේගල්ගේ (1770-1831) අපෝහක විඥානවාදී දාර්ශනික විවරණය වූ: "දෙවියන් → ආත්මය → මනස → විඥානය" යන සංකල්පයෙන් මාක්ස් බැහැර වී, අපෝහකවාදී තාර්කික පරිපථය ඔස්සේ "විශ්වය → පදාර්ථ → සොබාදහම → ජීවය" යන වෙනස් වීමේ දාර්ශනික පදනම භෞතිකවාදය සමග ඒකාබද්ධ කළේය. එහිදී මාක්ස්-එංගල්ස් විසින්, භෞතික විශ්වයක් ඇති වූයේ ඇයි? විශ්වයේ භෞතිකය ස්වාභාවිකව බිහි වූයේ ඇයි? භෞතිකය තුළ සොබාදහම ඇති වන්නේ ඇයි? සොබාදහම තුළ ජීවය බිහිවන්නේ ඇයි? සමාජ පරිවර්තන ඇති වන්නේ ඇයි? සමාජ පංති අතර ගැටුම් ඇති වන්නේ ඇයි? සහ සමාජ විප්ලව ඇති වන්නේ ඇයි? යන අපෝහකවාදය නමැති දෘෂ්ටිමය කාචය භෞතිකවාදී දාර්ශනික දෘෂ්ටිය හා ඒකාබද්ධ කළේය. "භෞතිකයේ සිදු වන ස්වාභාවික වෙනස් වීම, සමාජ පංති ගැටුම මගින් ඇති වන විප්ලවකාරී වෙනස" වන අපෝහකවාදී සන්දර්භය — භෞතිකවාදී දාර්ශනික විවරණය ලෙස මාක්ස්-එංගල්ස් ලෝකය තුළ මාක්ස්වාදය නමැති නව දර්ශනයක් ස්ථාපිත කළේය.
හේගල් අපෝහකය ලෙස හැඳින්වූ; ප්‍රතිවිරෝධය → චලිතය → පරිවර්තනය යන ප්‍රස්තුත මාක්ස් අගය කරමින් → ඒවා භෞතිකයට සම්බන්ධ කරමින් → අපෝහක භෞතිකවාදී සංකල්පයට මග පෑදුවේය. හේගල්ගේ විඥානවාදී දාර්ශනික පදනම මාක්ස් ප්‍රතික්ෂේප කළේ; දිව්‍යමය පදනම මගින් භෞතිකයේ ස්වාභාවික පැවැත්ම අහෝසි කරන දාර්ශනික දෘෂ්ටිය, විඥානවාදය තුළ අඩංගු නිසාය. මාක්ස් ප්‍රාග්ධනය කෘති පෙළෙහි (Das Capital I, II, III) හේගල්ව විඥානවාදී දාර්ශනිකයෙකු ලෙස හඳුන්වමින් — අපෝහකවාදී සංකල්පයේ "දාර්ශනික පදනම නිවැරදි පැත්තට" හරවා ඇති බව ප්‍රකාශ කළේ: "ඔලුවෙන් හිටගෙන සිටිය හෝගල්ව ‒ අපි දෙපයින් නැගිට්ටුවා" යන ප්‍රස්තුතය මගිනි.
හේගල් ඓතිහාසික වෙනස ජනනය කරන සංකල්පය "ආත්මීය චලනය" ලෙස පැහැදිලි කළ අතර, මාක්ස් එය "පරමාණු → පදාර්ථ → වස්තු" යන භෞතික ද්‍රව්‍යවල සිට ජීවයේ පරිණාමය → සමාජ පරිණාමය → පංති පරිණාමය → ආර්ථික හා දේශපාලන පරිණාමය ලෙස වෙනස් වන ඓතිහාසික සන්දර්භය, භෞතිකයේ සැබෑ එන්ජිම (යන්ත්‍රය) ලෙස පුරෝකථනය කළේය. මාක්ස්-එංගල්ස් විසින් ලබා ගත් වැදගත්ම දාර්ශනික හැරවුම් ලක්ෂ්‍යය, මෙම මත පෙරළිය විය. ලෝකය පරස්පර විරෝධීතාවයන් සහ වෙනස් වීමේ ප්‍රවනතා අවබෝධ කරගැනීමට වෙනස් වන "ස්වාභාවික චලනය" අපෝහකය බව හඳුන්වා දුන්නේය. ඒවගේම දේවත්වය පිළිගන්නා විඥානවාදී අදහස් හෝ ආත්මය වැනි වියුක්ත අදහස් හෝ අධ්‍යාත්මික බලවේග ලෙස හඳුන්වන පාරභෞතිකවාදී අදහස්, ඔවුන් විසින් තදබල ලෙස ප්‍රතික්ෂේප කළේය.
Dialectic යන ඉංග්‍රීසි පදයට සිංහල යෙදුම අපෝහකය යන්නයි. දයලෙක්තිකය යන ග්‍රීක බසින් කථිකාව (dialogue), විවාදය (polemic) පැවැත්වීම සඳහා පුරාණ ග්‍රීසියේ සිට පැවත එන පදයකි. විවිධ මත ගුටීමෙන් සත්‍ය වෙත පිවිසීමේ අරමුණෙන් කථිකාවක් පැවැත් වීම පුරාණ අපෝහකවාදීන් වූ සෙනෝෆැනිස් (ක්‍රි.පූ. 570-470), පාමෙනිඩිස් (ක්‍රි.පූ. 515-425) සහ සේනෝ (ක්‍රි.පූ. 495-430) යන ඊලියා දාර්ශනික ගුරුකුලය විසින් ආරම්භ කළ දාර්ශනික සම්ප්‍රදායකි. කෙසේ වෙතත්, අපෝහකවාදී දාර්ශනික සම්ප්‍රදාය ‒ ඓතිහාසිකව විඥානවාදී දාර්ශනික සම්ප්‍රදාය හරහා මතවාදීව පරිණාමය වෙමින් හේගල්ගේ අපෝහක විඥානවාදය දක්වා පැමිණ තිබුණි.
විඥානවාදය සහ භෞතිකවාදය අතර සංකල්පමය බෙදීම ප්‍රතිවිරුද්ධ මතවාදී ඝට්ටනයක් ලෙස වර්ධය වූයේ පුරාණයේ සිටමය. පුළුල් ලෙස කිවහොත්, "දෙවියන් → ආත්මය → මනස → විඥානය" පැවැත්මේ මූලික අංගය ලෙස "වස්තු → ආත්මය → විඥානය" වැනි උසස් අධ්‍යාත්මික මූලධර්ම ගොඩනගන්නේ දෙවියන්ගේ මැදිහත් වීමෙන් බව පුරාණ ග්‍රීසියේ සිටි පයිතගරස්ගේ (ක්‍රි.පූ. 570-495) සිට හේගල් දක්වා ඓතිහාසික විඥානවාදීන්ගේ දාර්ශනික සංකල්පය බවට පත් වී තිබුණි. එම සංකල්පය පදනම් කරගෙන විඥානවාදී දාර්ශනිකයන් පරමාණු හෝ පදාර්ථ විශ්වයේ නොමැති බව ප්‍රකාශ කළේ; අභූත දේව ආත්ම ව්‍යුහයකින් "මනස" විග්‍රහ කිරීම නමැති "මනෝමූලික" සංකල්පය මූලික කරගෙනය. ඓතිහාසික විඥානවාදී සම්භවය විසින් පදාර්ථ ප්‍රතික්ෂේප කරන්නේ: බිෂොප් ජෝර්ජ් බාක්ලී (1685 -1753) පවසන ”පදාර්ථ යනු ශුන්‍යත්වයයි” (matter is nothingness) යන්න, ඩේවිඩ් හියුම් (1711-1776) පවසන ”මනසට පදාර්ථ නොමැත” (mind has no matter) යන්න, ඉමැනුවෙල් කාන්ට් (1724-1804) පවසන ”අඳුරු පදාර්ථ” (dark matter) යන්න, ජෝජ් හේගල් පවසන ”මළ පදාර්ථ” (dead matter) යන්න විශ්වයේ භෞතික ව්‍යුහය ප්‍රතික්ෂේප කර දෙවියන් විසින් සියල්ල මෙහෙය වන බව පවසන මතවාදය ඔවුන් ගොඩනැගුවේ විඥානවාදී දාර්ශනික පරිපතය ඔස්සේය.
17වැනි සියවසේ පැවති අනුභූතිකවාදය (empiricism) යන දාර්ශනික විග්‍රහය ප්‍රංශ ජාතික පියරේ බේල් (1647-1706) ඔහුගේ 'ශබ්දකෝෂ ඉතිහාසය සහ විචාරය' (1697) නමැති කෘතියේ "භෞතිකවාදය" (materialism) යන වචනය නිර්මාණය කර, භාවිතයට හඳුන්වා දී තිබුණි. එම වචනයේ විද්‍යාත්මක විග්‍රහ වූයේ: "ස්වාභාවික භෞතිකය පවතින බව — පරමාණු → පදාර්ථ → ක්වොන්ටම් සම්බන්ධය යනු — භෞතිකවාදය" යි, බේල්ගේ පැහැදිලි කිරීම එලෙස සටහන් කර තිබුණි. මාක්ස්-එංගල්ස් තම දාර්ශනික චින්තනය සංකල්ප ගත කිරීමට, "පරමාණු → පදාර්ථ → වස්තු" යන භෞතික ද්‍රව්‍යයන් විග්‍රහය සඳහාද, වීශ්වීය භෞතික ව්‍යුහය විග්‍රහය සඳහාද, පංති විග්‍රහය සඳහාද, තම දාර්ශනික පදනම "භෞතිකවාදය" බව සංකල්පීයව භාවිතාවට දැමූ සහයෝගිතාකරුවන් දෙදෙනා වූහ.
පරමාණුව සහ පදාර්ථය අපෝහක ප්‍රතිවිරෝධතා හරහා වර්ධනය වන ආකාරය විග්‍රහ කළ කෘති සහ ලිපි විශාල ප්‍රමාණයක් මාක්ස්-එංගල්ස්-ලෙනින් අතින් සම්පාදනය විය. එහිදී මාක්ස්ගේ – 'ආචාර්ය උපාධි නිබන්ධනය' (1841), මාක්ස්ගේ – 'හේගල්ගේ යුක්තියේ දර්ශනය පිළිබඳ විවේචනය' (1843), මාක්ස්-එංගල්ස්ගේ – ජර්මානු දෘෂ්ටිවාදය (1846), එංගල්ස්ගේ 'සොබාදහමේ දයලෙක්තිකය' (1875), එංගල්ස්ගේ - 'ඩූරිං-විරෝධය' (1878), එංගලස්ගේ - 'ලුඩ්විග් ෆොයර්බාක් සහ සම්භාව්‍ය ජර්මානු දර්ශනයේ අවසානය' (1888), එංගලස්ගේ - 'සමාජවාදය මනෝරාජ්‍යෙයන් විද්‍යාවට' (1892) යන කෘති ස්වාභාවික, අපෝහක හා ඓතිහාසික භෞතිකවාදය පරිකල්පනය කිරීමට වැදගත් කෘති ලෙස හඳුනාගත හැකියි.
මාක්ස්-එංගල්ස් විසින් ඓතිහාසිකව විවිධ දාර්ශනික නම්වලින් පෙනී සිටි භෞතිකවාදී දාර්ශනිකයන්ගේ සම්භවය "ඓතිහාසික භෞතිකවාදය" නමැති නාමකරණය මගින් දාර්ශනිකව පෙළගැස්සුවේය. "ඓතිහාසික භෞතිකවාදය" යන පද පෙළ නිර්මාණය කළේ එංගල්ස් විසිනි. ඓතිහාසික භෞතිකවාදී ස්ථාවරය ලෙස — විශ්වයේ ස්වාභාවික භෞතිකය — මානව දෘශ්‍යමානයෙන් හෝ චින්තනයෙන් හෝ සංජානනයෙන් හෝ "අදහස් → දැනුම → සංකල්ප → චින්තනය" භෞතික අත්දැකීම්වලින් ගොඩනැගෙන බව පෙන්වා දුන් දාර්ශනික සම්භවය — "ඓතිහාසික භෞතිකවාදය" නමින් ඒකාබද්ධ කළේය. මාක්ස්-එංලස්ගේ ඓතිහාසික භෞතිකවාදී දාර්ශනික සම්භවය පහත පරිදි හඳුනාගත හැකිය:
ග්‍රීසියේ පරමාණුවාදී දාර්ශනිකයන් වන ලෙයුසිපස් (ක්‍රි.පූ. 500-), ඩිමොක්‍රිටස් (ක්‍රි.පූ. 460-370) සහ එපිකියුරස් (ක්‍රි.පූ. 341-270) 'පරමාණුවෙන් විශ්වය බිහිවිය' යන අදහස් ඉදිරිපත් කළ "පුරාණ භෞතිකවාදීන්" ලෙස මාක්ස් විසින් ඔවුන්ව හඳුන්වා දුන්නේය. ඉන් අනතුරුව 15වැනි 16වැනි සියවස්වල සිටි නිකලස් කොපර්නික්ස් (1473-1543), ගියෝර්දානෝ බෘෘනෝ (1548-1600), ජොහැනනස් කෙප්ලර් (1571-1630), ගැලීලියෝ ගැලීලි (1564-1642) සහ අයිසෙක් නිව්ටන් (1642-1727) යන පිරිස "යාන්ත්‍රික භෞතිකවාදීන්" ලෙස නාමකරණය කළේය. ඉන් අනතුරුව, ෆ්‍රැන්සිස් බේකන් (1561-1626) , තෝමස් හොබ්ස් (1588-1679) සහ ජෝන් ලොක් (1632-1704) වැනි දාර්ශනිකයන්ව "ඉංග්‍රීසි භෞතිකවාදීන්" ලෙස නාමකරණය කරන ලදී. ජූලියන් ඩී. ලෙමේට්ට්‍රී (1709-1751), ඩෙනිස් දිද්රෝ (1713-1784), එඩියන් හෙල්විෂියස් (1715-1771) සහ පෝලි හෙන්රිහෝල්බාග් (1729-1789) යන පිරිස "ප්‍රංශ භෞතිකවාදීන්" ලෙසද, 19වැනි සියවසේ සිටි ජෝන් ඩෝල්ටන් (1766-1844) සහ පිරිස "රසායන විද්‍යා භෞතිකවාදීන්" ලෙස හඳුන්වා දුනි. ඒ වගේම ලුඩ්විග් ෆොයර්බාක් (1804-1872) ඇතුළු පිරිස "මානවවංශික භෞතිකවාදීන්" ලෙස ඓතිහාසික භෞතිකවාදී දාර්ශනික සම්භවයේ පෙළගැස් වීම එලෙස සිදුවිය. මාක්ස්-එංගල්ස් භෞතිකවාදයට එකතු කළ ස්වාභාවිකවාදය ‒ අපෝහකවාදය ‒ ඓතිහාසිකවාදය යන ත්‍රිත්ව සංකල්පයන් දාර්ශනිකව වර්ධනයන්ද සිදු කළේ, එම පරිපතය ඔස්සේය. මුල් කාලීන භෞතිකවාදීන් විශ්වය දෙස යාන්ත්‍රිකව බැලීමට නැඹුරු වී තිබුණි. එම මතය වෙනස් කරමින් ස්වාභාවික භෞතිකයේ වස්තූන්ගේ ස්ථිතික එකතුව ලෙස "ස්වාභාවික පරමාණු භෞතිකය" ස්ථාවර කළේය. පරමාණුව සැමවිටම චලනය වන බවත්, සැමවිටම වෙනස් වන බවත්, සැමවිටම අභ්‍යන්තර ප්‍රතිවිරෝධතා මගින් වෙනස් වීම් ඇති වන බවත්, මාක්ස්-එංගල්ස් අවධාරණය කළේ ස්වාභාවිකවාදය පදනම් කරගෙනය.
ඒ වගේම වී. අයි. ලෙනින් (1870-1924) විසින් පරමාණුව (අංශුව) කණ්ඩනය කරමින් ඉලෙක්ට්‍රෝනය සෙයාගත් ජේසප් ජේ. තොම්සන් (1856-1940) ඇතුළු පිරිස "ක්වොන්ටම් භෞතිකවාදීන්" ලෙස හඳුන්වා දුන්නේ පරමාණුවේ අභ්‍යන්තර ලක්ෂයක් සොයාගැනීම හේතු කොට ගෙනය ('භෞතිකවාදය සහ අනුභූතික-විවේචනවාදය' ‒ 1909, කෘතිය). ඒවගේම 'සාපේක්ෂතා නියමය' ලොවට හඳුන්වා දුන් ඇල්බට් අයින්ස්ටයින්ව (1879-1955) "සටන්කාමී භෞතිකවාදියා" ලෙසද නාමකරණය කළේය ('ලෙනින් ආගම ගැන' ‒ 1922, කෘතිය).
මාක්ස්-එංගල්ස් විසින් වර්ධනය කරන ලද අපෝහක භෞතිකවාදය — අපෝහක ප්‍රතිවිරෝධතා හරහා භෞතිකයේ ඇති වන වෙනස් වීම — භෞතික තත්වයන්ට අපෝහක මතවාදය ආදේශ කිරීමෙන් භෞතිකවාදී දාර්ශනික දෘෂ්ටිය පුලුල් පරාසයක් දක්වා වර්ධනය කරන ලදී. පරමාණුව විශ්වයේ ආරම්භක අංශුව වන අතර, පරමාණු තවත් පරමාණුවක් සමග එකතු වී සෑදෙන පදාර්ථය (අණු) මූලික ද්‍රව්‍යය ලෙස විශ්වයේ කාලය අවකාශය තුළ ගමන් කරන බව ඔවුන්ගේද නිගමනය විය. ඒවගේම එම පදාර්ථ ක්‍රියාවලිය විශ්වය තුළ පරිණාමය වී සොබාදහම දක්වා වර්ධනය වී ජීවීන් දක්වාද, මානව ඥානය ඇතුළු සියලු සංසිද්ධි ද්‍රව්‍යමය අන්තර්ක්‍රියාවල ප්‍රතිඵලයක් ලෙස මොළය තුළ දැනුම බිහි වීම දක්වා සිදු වන ක්‍රියාවලිය සමාජ පරිණාමය ලෙසද හඳුන්වා දුන්නේය. සමාජ සංවර්ධනය පැන නගින්නේ ආර්ථික ව්‍යුහයන් තුළ මුල් බැසගත් පංති අරගලවලින් බවත් — ඓතිහාසික ප්‍රගතිය අදහස්වලට වඩා ස්වාභාවික භෞතිකයේ නීති මගින් හැඩගැසෙන බවත් — ඔවුන්ගේ මතය විය. මෙම රාමුව ඉතිහාසය, දේශපාලනය සහ සමාජ පරිවර්තනය පිළිබඳ මාක්ස්වාදී විශ්ලේෂණය ඉහත සඳහන් කෘති තුළ අඬංගු වෙයි.
මාක්ස්, විඥානවාදය ප්‍රතික්ෂේප කිරීම සඳහාද අපෝහකවාදය නැමැති තර්ක ක්‍රමයක් වන "විවේචනවාදය" යොදාගත්තේය. මාක්ස්-එංගල්ස් භෞතිකය ස්ථාවර පදනම ලෙස ගෙන අද්භූත ‒ දේවවාදී චින්තන දැක්ම විවේචනය කළේ භෞතික විද්‍යාත්මක සාදක පදනම් කරගෙනය. මාක්ස් ගැටුමේ පරස්පරතා හරහා වෙනස් වීමේ ක්‍රියාවලිය වන අපෝහකය — විශේෂයෙන් ඉතිහාසයේ සහ සමාජයේ භෞතික තත්වයන්ට අදාළ කළේය. සමාජ සංවර්ධනය පැන නගින්නේ; වියුක්ත අදහස් නිසා නොව ආර්ථික බලවේග විසින් මෙහෙයවනු ලබන පංති අරගලවලින් බවද, ඔහුගේ මූලික දැක්ම වූහ. හේගල්ගේ අපෝහක විඥානවාදය මගින් පවසන දෙවියන්ගෙන් සියල්ල සිදුවිය යන්න නොව, මාක්ස් එය ආපසු හැරව්වේ: "විශ්වය → පදාර්ථය → සොබාදහම → ජීවය" යන ස්වාභාවික භෞතිකවාදී සංදර්භය වන "විශ්වය පරමාණුවෙන් බිහිවිය" යන මතවාදයද ස්ථාවර කරමිණ්ය. එම මතවාදය 'මහා විදාරණය වන විශ්වය' (big bang universe) නමැති මතවාදයෙන් තවත් ස්ථීරත්වයට පත්විය.
විශ්වයේ පරමාණු සෑදීම 'මහා විදාරණය වන විශ්වය' යන තාරකා විද්‍යාත්මක භෞතිකවාදී සංකල්පය 1988දී ගොඩනැගුවේ ස්ටීවන් හෝකින් (1942-2018) විසිනි. විශ්වය කුඩා ආලෝක ප්‍රභවයකින් ආරම්භ වී විකාශනය වන ආරම්භක ආලෝකය උණුසුම් හා ඝන ප්ලාස්මාවකින් සමන්විත විය. විශ්වයේ මුල් ආලෝකය නිකුත් වී තත්පර කීපයක් ඇතුළත, මූලික පරමාණු අංශු (Quarks) වන ඉලෙක්ට්‍රෝන ‒ ප්‍රෝටෝන ‒ නියුට්‍රෝන සෑදී විශ්ව අවකාශයට ප්‍රවිෂ්ට විය. නියුට්‍රෝනීකරණය ලෙස හැඳින්වෙන මෙම අවධිය, මහා විදාරණය ආරම්භ වී වසර ලක්ෂ 4කට පමණ පසු, විශ්වය ප්‍රතිසංයෝජනය ලෙස හැඳින්වෙන තීරණාත්මක සංක්‍රාන්තියකට භාජනය විය. එම කාලය තුළ ආරම්භක විශ්වයේ උෂ්ණත්වය පහත වැටී තිබුණ හෙයින් ඉලෙක්ට්‍රෝන ‒ ප්‍රෝටෝන ‒නියුට්‍රෝන එකිනෙක සම්බන්ධ වෙමින් පරමාණු (අංශු) සෑදීම ඇරඹිණි. මෙම සිදුවීම විකිරණවලින් පදාර්ථ (අණු) විසංයෝජනය වීම සනිටුහන් වුණ අතර, පදාර්ථ අවකාශය හරහා ඉදිරියට ගමන් කළ අතර, විශ්වය පුරා පැතිරී ඇති කොස්මික් ක්ෂුද්‍ර තරංග විකිරණයද ඉන්පසුව ඇතිවිය. න්‍යෂ්ටික විලයන ක්‍රියාවලීන් හයිඩ්‍රජන් සහ හීලියම් වැනි සැහැල්ලු මූලද්‍රව්‍ය කාබන්, ඔක්සිජන් සහ අනෙකුත් බර පදාර්ථමය මූලද්‍රව්‍ය බවට පරිවර්තනය කරන පදාර්ථ වලාවන් බිහිවීම ඉන් අනතුරුව සිදුවිය. විශ්වයේ පදාර්ථ වලාවන් ගුරුත්වාකර්ෂණය යටතේ ගැටීමට පටන්ගත් අතර, එමගින් මන්දාකිණි සෑදී, මන්දාකිනි තුළ තරු ප්‍රමුක සෞරග්‍රහ මණ්ඩල බිහිවීමද සිදුවිය. ඉන් අනතුරුව ග්‍රහලෝකවල සොබාදහම නිර්මාණය වී ජීවය දක්වා පරිණාමයක් සිදු වූයේ ඉන් අනතුරුවය. අපි වසන පෘථිවිය යනු එවැනි ග්‍රහලෝකයක්ය.
මේ මතය කෙටි කළහොත් "විශ්වය → පදාර්ථය → සොබාදහම → ජීවය" යන සංකල්පය විශ්වයේ ස්වාභාවික භෞතිකයයි. 'පරමාණුවෙන් විශ්වය බිහිවිය' යන දාර්ශනික මතවාදය ඓතිහාසික භෞතිකවාදී සංදර්භයෙන් පුරාණයේ සිට පැවත ආ මතයකි. එම මතය භෞතික සංදර්භය තුළ පිහිටා මාක්ස්-එංගල්ස් විශ්වයේ භෞතිකය ගැන විග්‍රහ කරමින් විශ්වයේ ස්වාභාවික භෞතිකයේ ඇති සත්‍යතාවය ලෝකයට විවර කළේ එලෙසය. එම මතය වත්මන වන විට "සාපේක්ෂ සත්‍යක්" (relative truth) බවට පත් වී ඇත්තේ 'මහා විදාරණය වන විශ්වයේ' පවතින ස්වාභාවිකත්වය ස්ථාපිත වීමෙන්ය.
ක්වොන්ටම් භෞතික විද්‍යාවේ ආරම්භය ලෙස ආලෝකය සහ පරමාණු නිරීක්ෂණය කරන විට ඉලෙක්ට්‍රෝනයේ චලිත ක්‍රියාවලියේදී දෘශ්‍යමාන වන ප්‍රහේලිකාව — අනුපූරකතාව (Complementarity) ලෙස හඳුන්වයි. ඉලෙක්ට්‍රෝනයක් එක් අත්හදා බැලීමකදී තරංගයක් වන අතර තවත් අත්හදා බැලීමකදී අංශුවක් බව දෘශ්‍යමාන වන්නේ අනුපූරකතාවය නිසාය. ඉලෙක්ට්‍රෝනය අංශුවක්ද? — තරංගයක්ද? යන්න සොයාගත නොහැකි (නිත්‍ය නැති) චලනයක යෙදෙයි. ඉලෙක්ට්‍රෝනයේ ඇති අවිනිශ්චිතතාවය ක්වොන්ටම් භෞතික ව්‍යුහයේ දෝෂයක් හෝ විරුද්ධාභාසයක් නිසා, එය එසේ සිදු නොවේ. එය ඉලෙක්ට්‍රෝනයේ වේගවත් චලිත අනුපූරකතාවය නිසා සිදුවන්නේය.
ඉලෙක්ට්‍රෝනයේ මෙම චලත ක්‍රියාවලියට භෞතික ඇඟවුමක් ඇත: ස්වභාවධර්මයේ පවතින භෞතික සන්දර්භය විසින් ඉලෙක්ට්‍රෝනය පරමාණු ‒ පරමාණු අතර පදාර්ථයේ සහසම්බන්ධය පවත්වා ගන්නේ "ක්වොන්ටම්" ගතීකය මගිනි. මිනුමක් නොමැති චලිතයක් හිමි "ක්වොන්ටම් ගතීකය" මගින් වෙනස් වන ඉලෙක්ට්‍රෝනය විසින් භෞතිකයේ වෙනස් වීමටද බලපාන ස්වාභාවික සංසිද්ධියකි. එවිට අනුපූරකතාවය යනු භෞතික මූලධර්මයකි: එය පරමාණුව තුළ සිදු වන ඉලෙක්ට්‍රෝන චලනය රඳවා ගන්නේ පරමාණු අතර පැවැත්ම සඳහාය. එයින් සහය වන්නේ පරමාණු-පරමාණු එකතු වී පදාර්ථයක් බවට පත් වූ විට එම පදාර්ථ සංයුතිය දීර්ඝ කාලීනව පවත්වා ගැනීමට අවශ්‍ය පදනම ගොඩනැගීමටයි. එවිට ඉලෙක්ට්‍රෝනයක චලිතය අංශුවක්ද ‒ තරංගයක්ද යන වෙනස් වන ස්වභාවයද අපෝහක භෞතිකවාදී සංසිද්ධියකි.
භෞතිකයේ ඇති වන ක්‍රමාණුකූල වෙනස් වීම (අඩු/වැඩි) ගුණාත්මක පිම්මක් ඇවිලෙන තෙක්, ප්‍රමාණාත්මකව සිදු වෙමින් පවතී (උදා: ක්‍රමයෙන් රත් වූ ජලය → හදිසියේම උතුරයි; සමාජ ආර්ථික ආතතීන් → සමාජ විප්ලවයක් සඳහා මග පාදයි). මෙම වෙනස් වීමේ ස්වාභාවික ඝට්ටනය මගින් අභ්‍යන්තර ප්‍රතිවිරෝධතා ඇති වීම — සෑම පද්ධතියකම එහි ස්වාභාවික සංවර්ධනය — අවසානයේ සිදු වන පරිවර්තනය දක්වා ප්‍රතිවිරුද්ධ සාධක මගින් පෙළ ගස්වනු ලැබේ. ප්‍රමාණාත්මකව එකතු වන වෙනස වීම → ගුණාත්මකව පරිවර්තනය සඳහා → ක්‍රමක්‍රමයෙන් සිදු වන වෙනස්කම් අවසානයේ මූලික පරිවර්තනයක් ඉල්ලා සිටින ව්‍යාපාර බවට පත් වන්නේ: පීඩනය වැඩිවීම → දුක්ගැනවිලි වැඩිවීම → ජීවිතය නව ප්‍රකෘතියට ගෙන ඒමට → සමාජ පෙරළිය පැමිණෙන්නේ → විප්ලවයකිනි (නව වෙනසකිනි). එය මාක්ස්-එංගල්ස් විග්‍රහ කළ අපෝහක භෞතිකවාදී දැක්මේ පරමාණු භෞතිකයට වගේම සමාජ භෞතිකයටද අදාල වන්නේ, වෙනස් වීමේ විප්ලවකාරී ස්වභාවය නිසාය.