ප්‍රංශ සංස්කරණයෙහි පසුවදන - මාක්ස්
හැකි තරම් නිරවද්‍ය මෙන්ම හැකි තරම් පදානුගතව දෙවන පිටපතක් ඉදිරිපත් කිරිමේ කාර්යය ජේ. රෝයි මහතා පවරා ගත්තේය. ඔහු එය සුපරික්ෂාකාරී ව ඉටුකර තිබේ. එහෙත් ඔහු ගේ සුපරික්ෂාකාරිත්වය නිසා ම පාඨකයන්ට වඩාත් හොඳින් වැටහෙන පරිදි එය වෙනස් කිරීමට මට සිදු විය. පොත කොටස් වශයෙන් පළ කෙරුනු බැවින් මෙම වෙනස් කිරීම් දෛනිකව සිදු කෙරිණි. ඒවා සියල්ල එක හා සමාන ප්‍රවේශමකින් සිදු නොකෙරෙන බැවින් නොවරදවාම ශෛලියේ අසංගතියකට එය හේතු වන්නට ඇත.
සංශෝධනයෙහි කාර්යයට අත ගැසූ බැවින් මුල් පිටපතට (දෙවැනි ජර්මන් සංස්කරණයට) එය අදාළ කිරීමටත්, ඇතැම් තර්ක සරලව දැක්වීමටත් ඇතැම් තර්ක සම්පූර්ණ කිරිමටත්, ඉතිහාසමය හෝ සංඛ්‍යාන විද්‍යාමය හෝ අතිරේක කරුණු දැක්වීමටත් විවේචනාත්මක යෝජනා ආදිය ඉදිරිපත් කිරීමටත් මම යොමු වීමි. එබැවින්, මෙම ප්‍රංශ සංස්කරණයෙහි කවර ඌනතා පැවතිය ද මෙය මුල් පිටපතෙන් ස්වාධීන විද්‍යාත්මක වටිනාකමකින් යුක්තය. ජර්මන් හුරු පුරුදු පාඨකයන් විසින් පවා මෙය පරිශීලනය කළ යුතුය.
ජර්මනියෙහි දේශපාලන ආර්ථික විද්‍යාවෙහි සංවර්ධනයත්, මෙම කෘතියෙහි උපයෝගී කරන ලද විධික්‍රමයන් පිළිබඳව සාකච්ඡා කෙරෙන දෙවැනි ජර්මන් සංස්කරණයෙහි පසුවදනට අයත් ඡේද මෙහි පහත දක්වමි.
කාල්මාක්ස් 1875 අප්‍රේල් 28, ලන්ඩන්.