5 වැනි ඛණ්ඩය -ප්‍රමත වැඩ දිනයක් සදහා අරගලය 14 වන සියවස මැද සිට 17 වැනි සියවස අග දක්වා වැඩ දිනය දික් කිරිමේ අනිවාර්ය නිති
"වැඩ දිනයක් යනු කුමක්ද? තමන් විසින් දෛනික වටිනාකම ගෙවා මිලට ගන්නා ශ්‍රම ශක්තිය ධනපතියාට පරිභොජනය කළ හැකි කාලයෙහි දිග කොපමණද? ශ්‍රම ශක්තියෙහි ම ප්‍රතිනිෂ්පාදනයට අවශ්‍ය වැඩ කාලයට ඔබ්බෙහි වැඩ දිනය කොතෙක් දුරට දික් කළ හැකි ද? මෙම ප්‍රශ්නවලට ප්‍රාග්ධනය මෙසෙ පිළිතුරු දෙන බව පෙනි. තිබේ'වැඩ දිනයට මුළු පැය 24 ම අයත් ය. එයින් අඩු වන්නේ පැය කිහිපයක විවේකය පමණි. එම විවේකය නැති වුව හොත් ශ්‍රම ශක්තිය යළි සේවා කැරිම නිරපේක්ෂ ව ම ප්‍රතික්ෂේප කරයි. එබැවින් සිය මුළු ජීවිත කාලය මුළුල්ලේම ශ්‍රමිකයා අන් කිසිවක් නොව ශ්‍රම ශක්තිය බවත්, එබැවින් ඔහුට වැය කැරිමට ඉඩ ඇති සියලු කාලයම ස්වභාවයෙන් සහ නීතිය අනුව ප්‍රාග්ධනයෙහි ස්වයං - ප්‍රසාරණයට කැප කළ යුතු බවත් ස්වයං පැහැදිලි ය. අධ්‍යාපනය, බුද්ධිමය සංවර්ධනය, සමාජ කාර්යය ඉටු කැරීම සහ සමාජ සංවාසය, සිය කායික සහ මානසික ක්‍රියාකාරිත්වයෙහි නිදහස් වර්ධනය ආදිය සඳ හා වන කාලය මෙන් ම ඉරිදා විවේක කාලය පවා (මේත් සබත්කාරයන් ගේ රටකයි!) ප්‍රලාපයකි! එහෙත් අතිරික්ත ශ්‍රමය සඳහා වූ සිය සීමා කළ නොහැකි අන්ධ රාගය, නරවෘක සාගින්න හේතුවෙන් ප්‍රාග්ධනය වැඩ දිනයෙහි සදාචාරාත්මක පමණක් නොව හුදු කායික උපරිම සීමා පවා ඉක්මවා යයි. ශරීරයේ වැඩීම, සංවර්ධනය සහ සුවදායක නඩත්තුව සඳහා වන කාලය එය උදුරා ගනී. නැවුම් වාතය සහ හිරු එළිය පරිභෝජනය සඳහා වන කාලය එය සොරා ගනී. කෑම වේල් කාලයට එය කේවල් කරයි. හැකි සෑම තැන.ම එය නිෂ්පාදන ක්‍රියාවලිය සමග සමායත කරයි. ඒ අනුව, බොයිලේරුවකට ගල් අගුරු සපයන්නා සේ, යන්ත්‍රෝපකරණවලට ග්‍රීස් සහ තෙල් සපයන්නා සේ, හුදු නිෂ්පාදන මාධ්‍යයකට මෙන් ග්‍රමිකයාට ආහාර සැපයෙයි. ශක්තියෙහි ප්‍රතිෂ්ඨාපනය, ප්‍රකෘතිකරණය සහ ප්‍රතිනව්‍යකරණය සඳහා අවශ්‍ය සුව නින්ද නිරපේක්ෂ ලෙස ක්ෂය වූ දේහයක පුනර්ජීවනයට අනිවාර්යයෙන් අවශ්‍යය අලස පැය කිහිපයකට එය විසින් සුළු කැරේ. වැඩ දිනයෙහි සීමා නිශ්චය කරන්නේ ශ්‍රම ශක්තියෙහි ප්‍රමත නඩත්තුව විසින් නොවේ. කෙතරම් රෝගී, බලහත්කාර හෝ වේදනාකාරී හෝ වුවත් ශ්‍රමිකයා ගේ විවේක කාලයෙහි සීමා නිශ්චය කළ යුතු වන්නේ ශ්‍රම ශක්තියෙහි විශාලතම භව්‍ය දෛනික වැය කැරිම විසිනි. ශ්‍රම ශක්තියේ ආයු කාලය ගැන ප්‍රාග්ධනය කිසිදු තැකීමක් නො කරයි. එහි සැලකිල්ල යොමුවන සියල්ල වන්නේ සරල ව ම සහ තනිකරම වැඩ දිනයෙහි දී චතුර බවට පත් කළ හැකි උපරිම ශ්‍රම ශක්තිය පමණකි. කෑදර ගොවියෙකු පසෙහි සශ්‍රීකත්වය සොරා ගනිමින් පසෙන් වැඩිතර නිෂ්පාදනයක් උදුරා ගන්නා සේම එය ශ්‍රමිකයා ගේ ආයු කාලය කෙටි කැරීමෙන් මෙම අරමුණු ඉටු කර ගනී.
මෙසේ ධනපතිවාදී නිෂ්පාදන ප්‍රකාරය ( හරය වශයෙන් අතිරික්ත වටිනාකම නිෂ්පාදනය සහ අතිරික්ත ශ්‍රමය අවශෝෂනය) වැඩ දිනය දික් කැරීමත් සමග මානව ශ්‍රම ශක්තියෙහි ප්‍රමත, සදාචාර සහ කායික සංවර්ධනය සහ කාර්යය සාධක තත්ත්වය සොරකම් කැරීමත් මඟින් නිෂ්පාදනය කැරෙන්නේ මානව ශ්‍රම ශක්තියෙහි පරිහාණිය පමණක් නො වේ. එය මෙම ශ්‍රම ශක්තියෙහි ම අපරිණත ශ්‍රාන්තිය සහ මරණය ද නිෂ්පාදනය කරයි.73 එය දී ඇති කාල පද්ධතියක් තුළ ශ්‍රමිකයා ගේ නිෂ්පාදන කාලය දික් කරයි. එසේ කරන්නේ ඔහු ගේ යථා ආයු කාලය කෙටි කැරිමෙනි. එහෙත් කම්කරුවා ප්‍රතිනිෂ්පාදනයට හෙවත් කම්කරු පන්තියෙහි පැවැත්මට අවශ්‍ය හුවමාරු භාණ්ඩ වල වටිනාකම ශ්‍රම ශක්තියෙහි වටිනාකමට ඇතුළත් ය. ස්වයං - ප්‍රසාරණය සඳහා වන අසීමිත රාගය හේතුවෙන් වැඩ දිනය අස්වාභාවික ලෙස දික් කැරීමට ප්‍රාග්ධනය උත්සුක වීම නිසා ප්‍රත්‍යෙක ශ්‍රමිකයා ගේ ආයු කාලය සහ එබැවින් ඔහුගේ ශ්‍රම ශක්තියෙහි කාලය කෙටි වන්නේ නම් පාවිච්චි වූ බල වැඩිපුර ශීඝ්‍ර අනුපාතිකයකින් ප්‍රතිස්ථාපනය කළ යුතු අතර ශ්‍රම ශක්තියෙහි ප්‍රතිනිෂ්පාදන වියදම් වැඩිතර වනු ඇත. යන්ත්‍රයක් වඩා ශීඝ්‍රව ගෙවී යන විට දිනපතා ප්‍රතිනිෂ්පාදනය කළ යුතු එහි වටිනාකම් කොටස් වැඩිතර වන පරිද්දෙන් ම ය. එබැවින් ප්‍රාග්ධනයෙහි ම වුවමනාව ප්‍රමත වැඩ දිනයක් දිසාවට යොමුව ඇති බව පෙනේ.
වහල් හිමියා ඔහු ගේ ශ්‍රමිකයා මිලට ගන්නේ ඔහු තම අශ්වයා මිලට ගන්නාක් මෙනි. ඔහුට සිය වහලා අහිමි වුව හොත් සිය ප්‍රග්ධනය අහිමි වේ එය ප්‍රතිෂ්ඨාපනය කළ හැකි වන්නෙ වෙළදපොලෙහි නව පැහැදම් මඟින් පමණකි. එහෙත් "ජෝජියාවේ වී ගොවිතැන් බිම් හෝ මිසිසිපිහි වගුරු බිම් හෝ මිනිස් සිරුරට මාරක ලෙස හානිකර විය හැකි ය. එහෙත් මෙම දිසා වගා කැරීමට අවශ්‍ය කැරෙන මානව ජීවිත නාස්තිය වර්ජිනියාවේ හා කෙන්ටකීහි සුලබ සංරක්ෂණවලින් එය ප්‍රතිසංස්කරණය කළ නොහැකි තරම් විශාල නැත. ස්වාභාවික ක්‍රමයක් යටතේ ස්වාමියා ගේ අභිරුචි වහලා ගේ සංරක්ෂණය සමග අනන්‍ය කැරීමෙන් මානුෂික සැලැකීමකට ඉඩ සැලසූ පිරිමැස්ම පිළිබඳ සලකා බැලීම් වහල් වෙළෙඳාම භාවිතයට නැගුනු පසු වහලා වෙහෙසකර වැඩ අන්තයටම ලබා ගැනීමේ හේතු බවට පත් වේ. විදේශීය සංචිතවලින් ඔහු ගේ තැන සැනෙකින් සැපයිය හැකි විට ඔහු ගේ ආයු කාලය එය පවත්නා තෙක් එහි ඇති ඵලදායකත්වයට වඩා වැදගත්කමෙන් අඩු වන බැවිනි. ඒ අනුව ඉතාමත් ඵලදායි පිරිමැස්ම වන්නේ කෙටිතම කාලයක දී මානව චංචල දේපොල වලින් එය ලබාදිය හැකි උච්චතම දහඩිය මහන්සිය උකහා ගැනීම බව වහලුන් ආනයනය කරං රටවල වහල කළමනාකරණයෙහි සිද්ධාන්තයකි. නීග්‍රෝ ජීවිතය ඉතාමත් අන්තරායකාරි ලෙස කැප කරනු ලබන්නේ වාර්ෂික ලාභ බොහෝ විට වැවිලි යායන්හි මුළු ප්‍රාග්ධනයට සම වන ඝර්ම කලාපීය වගාවන්හි ය. සියවස් ගණනාවක් අත්‍යධික ධනයෙන් අනූන වූ යේ සහ අප්‍රිකානු වර්ගයා මිලියන සංඛ්‍යාත ව ගිල ගත්තේ බටහිර ඉන්දීය කෘෂිකර්මාන්තය ය. අද කියුබාවෙහි ආදායම් ගණිනු ලබන්නේ මිලියනවලිනි. වැවිලි කරුවෝ එහි කුමාරයෝ වෙත්. වහල් පන්තිය අඩු ම ගාස්තු ලබමින් ඉතාමත් ම වෙහෙසකර අනවරත දුක්බර වැඩ කරන්නේ එහි ය. හැම වසරක ම ඔවුන් ගේ සංඛ්‍යාවෙන් පංගුවක් නිරපේක්ෂ ව ම විනාශ වේ.
" Mutato nomine de te fabula narratur[[වෙනස් වූ නමින් කතාව ඔබට ද වලංග- ය]] සහ වර්ජිනියාව සඳහා අයර්ලන්තය සහ වහල් වෙළෙඳාම පිළිබඳ ව කෙන්ටකී එංගලන්තයේ ස්කොට්ලන්තයේ හා වේල්ස්හි කෘෂිකර්මාන්ත දිසා සඳහා, අප්‍රිකාව සඳහා සහ ජර්මනිය සඳහා ශ්‍රම වෙළෙඳපොළ කියවන්න. අධිකතර වැඩ හේතුවෙන් ලන්ඩන්හි බක්කරේලා පිරිස තුනී වූ සැටි අපි ඇසුවෙමු. කෙසේ වෙතත් ලන්ඩන් ශ්‍රම වෙළෙඳ පොල බේකරිවල මිය යාම සඳහා අයැදුම් කළ ජර්මන් හා වෙනත් අපේක්ෂකයන්ගෙන් හැම විටම අධිකතර ව පිරී පවතී. අප දුටු පරිදි කුඹල් කට්ටල ඉතා ම කෙටි ආයු සහිත කර්මාන්තයකි. එබැවින් කුඹල් කරුවන් ගේ හිඟයක් තිබේ ද? මුලින් සාමාන්‍ය වැඩකරුවකු වූ, නූතන කුඹල් කට්ටල නිමැවුම්කරු වන ජොසියා වෙල්වුඩ් 1175 දී මහජන මන්ත්‍රී මණ්ඩලය ඉදිරියෙහි කීවේ මුළු ශිල්පය තුළ 15,000 සිට 20,000 දක්වා ජනයා සේවා නියුක්ත කොට ඇති බව ය. 1861 දී මෙම කර්මාන්තයෙහි මහා බ්‍රිතාන්‍ය නගර මධ්‍යස්ථාන වල ජනගහණය පමණක් 101,302ක් විය. “කපු වෙළෙදාම වසර 90ක් පැවත තිබේ... එය ඉංග්‍රීසි වර්ගයා ගේ පරම්පරා තුනක කාලයක් පැවතී ඇත. එම කාල පරිච්ඡේදයෙහි එය විසින් කම්හල් මෙහෙයුම්කරුවන් පරම්පරා නවයක් විනාශ කර ඇති බව අතිශයෝක්තියෙන් තොර ව මට කිව හැකි යැයි මම විශ්වාස කරමි.”
අධිකතර ක්‍රියාකාරිත්වයෙන් යුත් යම් යුගයන්හි ශ්‍රම වෙළෙඳ පොලෙහි සැලකිය යුතු හිඩැස් ඇති බව නිසැක ය. නිදසුනක් ලෙස 1834 දැක්විය හැකි ය. එහෙත් එකල නිමැවුම් කර්මාන්ත හිමියෝ කෘෂිකර්මාන්ත දිසාවල "අතිරික්ත ජනගහණය " නිමැවුම් කර්මාන්ත හිමියන් විසින් අවශෝෂණය කැරැ පාවිච්චි කළ යුතු" යැයි '' යන පැහැදිලි කැරීම සමග උතුරට යැවිය යුතු යැයි දුප්පතුන් ගේ නීති කොමසාරිස්වරුන්ට යෝජනා කැරිණි... මැන්චෙස්ටර්හි කාර්යාලයක් පිහිටුවන ලද අතර කෘෂිකර්මාන්ත දිසාවල රැකියා කළහ. දුප්පතුන් ගේ නීති කොමසාරිස්වරුන් ගේ කැමැත්ත සහිත ව නියෝජිතයන් පත් අපේක්ෂා කරන වැඩකරුවන් ගේ නාම ලේඛන එතැනට යවා පොත්වල ලේඛන ගත කැරිණි. නිමැවුම් කර්මාන්ත හිමියෝ මෙම කාර්යාලවලට පැමිණ තමන්ට කැමති පිරිස් තෝරා ගත්හ. තම වුවමනා අනුව එබඳු පිරිස් තෝරාගත් පසු ඔවුහු ඔවුන් මැන්චෙස්ටර්වලට එවන මෙන් උපදෙස් දුන්හ. ඔවුහු බඩු මිටි මෙන් ප්‍රවේශ පත්‍ර අනුව ඇල මාර්ගවලින් නැතහොත් ප්‍රවාහනකරුවන් සමඟ යවන ලදහ. සෙස්සෝ පයින් ම ගියහ. ඔවුන්ගෙන් බොහොමයක් අතරමං ව අර්ධ සාගින්නෙන් පෙළෙනු දකින්ට ලැබිණි. මෙම ක්‍රමය නිත්‍ය වෙළෙඳාමක් දක්වා වර්ධනය විය. මෙම ගරු සභාව එය විශ්වාස නොකරන තරම් ය. එහෙත් ඔවුන් ගේ මිනිස් මාංශ ප්‍රවාහණය හොඳින් කැරී ගෙන යන බවත්, එක්සත් ජනපදයෙහි කපු වගාකරුවාට වහලුන් අලෙවි කරන පරිදි ඔවුන් ඇත්තෙන් ම නිතිපතා මෙම මැන්චෙස්ටර් නිමැවුම් කර්මාන්ත හිමියන්ට අලෙවි කරන බවත් මම ඔවුන්ට කීවෙමි ... 1860 දී කපු වෙළෙඳාම එහි ශිරෝ බිංදුවෙහි විය.... තමන්ට වැඩකරුවන් හිඟ බව නිමැවුම් කර්මාන්ත හිමියන්ට යළිත් පෙනී ගියේ ... ඔවුහු “ මාංශ නියෝජිතයන්" ලෙස හඳුන්වන්නවුන්ට අයදුම් කළහ. එංගලන්තයේ දකුණු දිග පහත් බිම්වලට, ඩෝ සෙට්ෂයර්හි තණ බිම්වලට, ඩෙවොන්ෂයර්හි වනාන්තර එළිමහන් බිම්වලට විම්ප්ෂයර්හි එළදෙනුන් ඇති කරන්නවුන් වෙතට නියෝජිතයන් යවන ලද මුත් ඔවුන්ගේ සෙවීම නිෂ්ඵල විය. අතිරික්ත ජනගහණය " අවශෝෂණය වී තිබිණි.'' "ලැක්ෂයව වලට අතිරේක වැඩකරුවන් 10,000ක් අවශෝෂණය කළ හැකි අතර 30,000ක් හෝ 40,000ක් හෝ අවශ්‍ය” බව ප්‍රංශ ගිවිසුම අවසන් වීමෙහි දී Bury Guardian සඳහන් කෙළේ ය. '' මාංශ නියෝජිතයන් සහ උප නියෝජිතයන් " කෘෂිකර්මාන්ත දිසාවල නිශ්චල සෙවිල්ලක නිරත වූ පසු ලැයර්හි මෝල් සඳහා යම් සංගම් නිවෙස්වලින් දුප්පත් දරුවන් ලබා ගැනීමේ අටියෙන් ලන්ඩනයට පැමිණි නියෝජිත මණ්ඩලයක් මහා මාන්‍ය මහතා [දුප්පතුන් ගේ නීති මණ්ඩලයෙහි සභාපති විලියර්ස් මහතා] හමුවනු පිණිස රැඳී සිටියහ.
ධනපතීන්ට සාමාන්‍යයෙන් අත්දැකීම් මඟින් පෙන්වන්නේ නිත්‍ය අතිරේක ජනගහණයකි. එනම්, වැඩීම බාල වූ, අඩු ආයු සහිත කඩිනමින් එකිනෙකා ප්‍රතිස්ථාපනය කැරෙන, එක්තරා විදියකින් කිව හොත් මේරීමට කලින් නෙලනු ලබන මානවන් ගේ පරම්පරා ගණනාවකින් සැදුනේ වී මුත් මෙම අතිරික්ත ශ්‍රමය අවශෝෂණය කරන ප්‍රාග්ධනයෙහි නිමේෂගත අවශ්‍යතාවලට සාපේක්ෂ ව පමණක් ඇති අතිරික්තයකි. ද, ඉතිහාසමය වශයෙන් කියන විට ඊයේ තරම් මෑත සිට පැවැත එන ධනපති නිෂ්පාදන ප්‍රකාරය විසින් ජනතාව ගේ ජීව බලය මුලින් ම අල්ලා ගන්නා ලද්දේ කෙතරම් කඩිනම් ව සහ ග්‍රහණයකින් ද යන වගත්, කර්මාන්ත ජනගහණයෙහි පරිහානිය පිටිසරෙන් ආදි සහ කායික ව දුෂිත නොවූ පිරිස් නියත ව අවශෝෂණයෙන් පමණක් මන්දනය වන්නේ කෙසේ ද යන වගත්, නැවුම් වාතය සහ ඔවුන් අතර ඒ ප්‍රබල ව වැඩ කරන සහ ප්‍රබලතමයා ම පමණක් නොනැසී පැවතීමට ඉඩ සලසන ස්වාභාවික වරණය පිළිබඳව මුලධර්මය නොතකා පිටිසරබද ශ්‍රමිකයන් පවා මැරෙන්නට පටන් ගන්නේ කෙසේ ද යන වගත් බුද්ධිමත් නිරික්ෂකයෙකුහට අත්දැකීම් මඟින් ඇත්තෙන් ම පෙන්වා දෙයි. තමත් වටා සිටින කම්කරු සේනාවන්හි දුක වේදනා බැහැර කැරිමට එතරම් හොඳ හේතු ඇති ප්‍රාග්ධනය මානව වර්ගයා ගේ ඉදිරියෙහි එන පරිහාණිය සහ අවසාන අවජනගහණය පිළිබඳ දර්ශනයෙන් භාවිතයෙහි දී සසල වන්නේ පෘථිවිය සූර්යයා මත පතිත වීමේ භව්‍යතාව පිළිබඳ ව සසල වන තරම් ම හා ඒ සා අල්ප වශයෙනි. කවදා හෝ කඩාවැටීම එන බව සෑම වංචනික ව්‍යාපාර වස්තු ජාවාරමක ම හැම කෙනෙක් ම දනී. එහෙත් තමන් රන් වර්ෂාව අල්ලා ගෙන එය සුරක්ෂිත ව තැබූ පසු මෙම විපත තම අසල්වැසියා ගේ හිස මත කඩා වැටෙනු ඇතැයි හැම කෙනෙක් ම අපේක්ෂා කරයි.[[මට පසුව මහෝඝය]] යනු සෑම ධනපතියෙකු ගේ ම සහ සෑම ධනපති ජාතියක ම මුර පදය ය. එබැවින් සමාජයෙහි බලකැරිමක් නැත්නම් ප්‍රාග්ධනය ශ්‍රමිකයා ගේ සෞඛ්‍යය හෝ ආයූ කාලයෙහි දිග හෝ පිළිබඳ අනතුරු නො සලකයි.කායික සහ මානසික පරිහානිය, අකල් මරණය, අධිකතර වැඩෙහි වද වේදනා පිළිබඳ ඝෝෂාවට එය මෙසේ පිළිතුරු දෙයි : මේවා අප ගේ ලාභ වැඩි කරන බැවින් අප ඒවා ගැන කරදර විය යුතු ද? එහෙත් සමස්තයක් ලෙස දේවල් දෙස බලන විට ඇත්තෙන් ම මේ සියල්ල ම ප්‍රත්‍යෙක ධනපතියා ගේ හොඳ හෝ නරක හෝ චේතනාව කෙරෙන් පරායත්ත නොවේ නිදහස් තරගය විසින් සෑම ප්‍රත්‍යෙක ධනපතියෙකු ම අභිබවන බලය සතු බාහිර මර්ධනකාරී නියමවල හැඩ ගත් ධනපති නිෂ්පාදනයෙහි ආවේනික නියම ක්‍රියාවට නගනු ලැබේ.
ප්‍රමත වැඩ දිනයක් ස්ථාපිත කැරීම ධනපතියා සහ ශ්‍රමිකයා අතර සියවස් ගණනාවක අරගලයෙහි ප්‍රතිඵලයකි. මෙම අරගලයෙහි ඉතිහාසය විරුද්ධ ප්‍රවනතා දෙකක් පෙන්වයි. නිදසුනක් වශයෙන් අප ගේ කාලයෙහි ඉංග්‍රීසි කම්හල් නීති 14 වැනි සියවසෙහි සිට 18 වැනි සියවස මැද දක්වා ම වූ ඉංග්‍රීසි ශ්‍රම ආඥා පනත් සමග සසද නූතන කම්හල් පනත් බලහත්කාරයෙන් වැඩ දිනය කෙටි කළ අතර මුල් කාලීන පනත් බලහත්කාරයෙන් එය දික් කැරීමට තැත් කළේ ය. සැබැවින් ම කළල අවස්ථාවෙහි වන ප්‍රාග්ධනයෙහි මවාපෑම් (වැඩීම පටන් ගන්නා විට හුදෙක් ආර්ථික සම්බන්ධතාවන්හි බලයෙන් පමණක් නොව රජයෙහි ආධාරයෙන් ද එය අතිරික්ත ශ්‍රමයෙහි Quantum Sufficit [[සෑහෙන ප්‍රමාණයක්]] අවශෝෂණයෙහි අයිතිය තහවුරු කර ගනී) එහි වැඩිහිටි තත්ත්වයෙහි දී තරහෙන් ගොරවමින් අරගල කරමින් සලසන්නට සිදුවන සහන සමග මුහුණට මුහුණ ලා තබන විට ඉතා නිහතමානී ලෙස පෙනේ. ධනපතිවාදී නිෂ්පාදනයෙහි සංවර්ධනයට ස්තුති වන්නට ජීවන අවශ්‍යතාවන්හි මිලට තම මුළු ක්‍රියාකාරි ජීවිතය ම අලෙවි කරන්නට, කැඳ කෝප්පයකට තම උපන් අයිතිය අලෙවි කරන්නට 'නිදහස්" ශ්‍රමිකයා එකඟ වන්නට, එනම් සමාජ තත්වය මඟින් ඔහුට බල කැරෙන්නට පෙර සියවස් ගණනාවක් ම ගත වේ. එබැවින් 14 වැනි සියවසෙහි මැද සිට 17 වැනි සියවසෙහි අවසානය දක්වා ප්‍රාග්ධනය වැඩිහිටි ශ්‍රමිකයන් මත රාජ්‍ය පියවර මඟින් බලයෙන් පැටැවීමට තැත් කළ වැඩ දිනය දික් කැරීම 19 වැනි සියවසෙහි දෙවැනි බාගයෙහි දරුවන් ගේ ලේ ප්‍රාග්ධනය බවට තැනීම වළක්වා ලීම සඳහා අතැනින් මෙතැනින් රජය ක්‍රියාවට නඟන වැඩ දිනය කෙටි කැරීම සමග ආසන්න වශයෙන් සම්පාත වීම ස්වාභාවික ය. නිදසුනක් වශයෙන් ඉතා මෑතක් වන තුරු ම උතුරු ඇමෙරිකානු ජන රජයෙහි නිදහස් ම රජය වූ මැසචුසෙට්ස් ජනපදයෙහි 12 ට අඩු දරුවන්ගේ ශ්‍රමය සඳහා ව්‍යවස්ථාපිත සීමාව ලෙස අද ප්‍රකාශයට පත් කර ඇති දේ එංගලන්තයෙහි 17 වැනි සියවස මැද දී පවා ආරෝහ පරිනාහ දේහයෙන් යුත් ශිල්පීන්ගේ, හැඩි දැඩි ශ්‍රමිකයන් ගේ සහ දේහ ශක්තියෙන් යුත් කම්මල් කරුවන් ගේ වැඩ දිනය විය.
පළමු වැනි " ශ්‍රමිකයන් ගේ නීතිය " (23 එඩ්වඩ් III, 1349) ට පෙර අනන්තර ව්‍යාජ හේතුව (එහි හේතුව නොවේ. මන් ද යත් ඒ සඳහා වූ ව්‍යාජ හේතුව අතුරුදහන්ව සියවස් ගණනක් මෙබඳු නීති පවතී) වූයේ ජනගහණය වැනැසූ මහා ව්‍යසනය ය. එබැවින් ටෝරි ලේඛකයෙකු කියන පරිදි “සාධාරණ කොන්දේසිවලට (එනම්, හාම්පුතුන්ට සැලකිය යුතු අතිරික්ත ශ්‍රම ප්‍රමාණයක් ඉතිරි කරන මිලකට) මිනිසුන් වැඩට ගැනීමේ දුෂ්කරතාව කෙතරම් උච්ච වී ද යත් එය ඉවසිය නොහැකි තරම් විය." එබැවින් වැඩ දිනයෙහි සීමා මෙන් ම සාධාරණ වැටුප් ද නීතියෙන් නියම කැරිණි. මෙහි දී අපට ද රුචිකර වන එකම දෙය වු පූර්වොක්ක්ත කාරණය 1496 නීතියෙහි (හෙන්රි VII) පුනරාවෘතියට නැගිනි. මෙම නීතියට (කෙසේ වෙතත් මෙය ක්‍රියාවට නැඟිය නොහැකි විය) අනුව මාර්තු සිට සැප්තැම්බර් දක්වා සියලු ශිල්පීන් ගේ සහ ක්ෂේත්‍ර ශ්‍රමිකයන් ගේ වැඩ දිනය උදේ 5 සිට සවස 7 - 8 අතර දක්වා පැවතිය යුතු විය. එහෙත් කෑම වේලා පාතරාසයට පැය 1ක් ද, දිවා ආහාරයට පැය 1-2/1 (භාගයක්ද )ක් ද, “මධ්‍යක කෙටි නින්ද" ට පැය භාගයක්ද(2/-1 ) විය. එනම් දැනට ක්‍රියාත්මක වන කම්හල් පනත් යටතේ සපයන ප්‍රමාණය මෙන් හරියට ම දෙගුණයකි.8 සිසිරයෙහි එම විරාම සහිත ව ම වැඩ දිනය උදේ 5 සිට කරුවල වැටෙන තෙක් පැවතිය යුතු විය. වසර 1562 දී එලිසෙබත් ගේ නීතියක් මගින් “දිනපතා හෝ සතිපතා හෝ වැටුපට කුලියට ගනු ලබන '' සියලු ශ්‍රමිකයන් ගේ වැඩ දිනයට අතනොගසන ලද මුත් සිසිරයෙහි පැය භාගයටද (2 -2/1 ) ගිම්හානයෙහි පැය 2 ටද විරාම සීමා කිරීමට අරමුණු කැරිණි. දිවා ආහාරය පැය 1ක් පමණක් විය යුතු අතර “අපරභාග පැය බාගයේ නින්දට ඉඩ දෙන ලද්දේ මැයි මැද සිට අගෝස්තු මැද දක්වා පමණකි. වැඩට නොපැමිණි සැම පැයකට ම වැටුපෙන් 1 d අඩු කළ යුතු විය. කෙසේ වෙතත් භාවිතයෙහි දී පැවැති තත්ත්වය නීති පොතෙහි තත්ත්වයට වඩා ශ්‍රමිකයන්ට බෙහෙවින් ම වාසිදායක විය. දේශපාලන ආර්ථික විද්‍යාවේ පියා සහ තරමක් දුරට සංඛ්‍යාන විද්‍යාවේ ආරම්භකයා වන විලියම් පෙටි 17 වැනි සියවසෙහි අවසාන තුනෙන් පංගුවෙහි පළ කළ කෘතියකින් මෙසේ කියයි : " ශ්‍රමයෙහි නිරත වන මිනිස්සු (එකල අදහස් කෙළේ ක්ෂේත්‍ර ශ්‍රමිකයන් ය) දිනකට පැය 10ක් වැඩ කරත්. සතියකට කෑම වේල් 20ක් ගනිත්. එනම්, වැඩ දිනවල 3 බැගින් සහ සෙනසුරාදා 2 කි. මේ අනුව ඔවුන්ට සිකුරාදා රෑ උපවාස කළ හැකි නම් සහ දැන් මෙන් 11 සිට 1 දක්වා පැය 2ක් නොව දිවා ආහාරය සඳහා පැය එකායි භගයක් (1- 1/2) ගත හැකි නම් එනයින් 1/20ක් වැඩිතර වැඩ කොට 1/20ක් අඩුතර වැය කොට ඉහත සඳහන් දෙය (අය බද්ද) වැඩි කළ හැකි ය.’ 1883 පැය 12 පනත අඳුරු සමයෙහි කාලයට ප්‍රතිගමනයක් ලෙස හෙළා දුටු ආචාර්ය ඇන්ඩෲ උරේ නිවැරදි නො වන්නේ ද? පෙටි විසින් සඳහන් කරන ලද නිතීයෙහි අඩංගු මෙම රෙගුලාසි ආධුනික ශිල්පීන්ට ද වලංගු බව සැබෑ ය. එහෙත් 17 වැනි සියවස අග දී පවා ළමා ශ්‍රමයෙහි තත්ත්වය පහත දැක්වෙන පැමිණිල්ලෙන් පෙනේ . “මෙම රාජධානියෙහි අප ගේ භාවිතය මෙන් ආධුනික ශිල්පියෙකු හත් වසරකට බැඳ තැබීම ඔවුන් ගේ (ජර්මණියෙහි) භාවිතය නො වේ. ඔවුන් ගේ පොදු ප්‍රමිතිය වසර තුනක් හෝ හතරක් හෝ වෙයි. ඊට හේතුව ඔවුන්ට තොටිල්ලේ සිට රැකියාව පිළිබඳ යම් අධ්‍යාපනයක් ලැබෙන බැවින් ඔවුන් වැඩිතර හුරුවකින් සහ කීකරුකමෙන් යුක්ත වීම ය. ආනුෂාංගික ව ව්‍යාපාරයෙහි මුහුකුරු බවක් සහ වඩා කඩි නම් ප්‍රවීණතාවක් ලබා ගැනීමෙහි දී ඔවුහු වඩා සමත් වෙත්. අනෙක් අතට, මෙහි එංගලන්තයෙහි අපේ තරුණයන්ට ආධුනිකත්වයට පැමිණීමට පෙර කිසිදු දෙයක් උගන්වා නැති බැවින් ඔවුන් ප්‍රගතිය ලබන්නේ ඉතා හෙමිහිට ය. නිපුණ ශිල්පීන් පරිසමාප්තියට ළඟා වීම සඳහා ඔවුන්ට දිගුතර කාලයක් අවශ්‍යය.
දහ අට වන සියවසෙහි වැඩි කොටසක් තුළ නූතන කර්මාන්තයෙහි යන්ත්‍රවාදයෙහි යුගය දක්වා ම එංගලන්තයෙහි ප්‍රාග්ධනය විසින් ශ්‍රම ශක්තියෙහි සතිපතා වටිනාකම ගෙවීම මඟින් ශ්‍රමිකයා ගේ මුළු සතිය ම තමන් සඳහා තව මත් අල්ලා ගෙන නොතිබිණි. කෙසේ වුවත් ව්‍යතිරේකය වුයේ කෘෂිකර්මාන්ත කම්කරුවන් ය. දින හතරක ශ්‍රමයෙන් මුළු සතියම ජීවත්වීමේ හැකියාව අනෙක් දින දෙකෙහි ධනපතියා සඳහා වැඩ කැරීමට ප්‍රමාණවත් හේතුවක් ලෙස ශ්‍රමිකයන්ට නොපෙනිණි. ඉංග්‍රීසි ආර්ථික විද්‍යාඥයන් ගේ එක් පක්ෂයක් ප්‍රාග්ධනයෙහි වාසියට මෙම මුරණ්ඩුකම ඉතා ම බිහිසුණු ආකාරයෙන් හෙළා දකී. තවත් පක්ෂයක් ශ්‍රමිකයන් රකී. නිදසුනක් වශයෙන් වෙළෙද ශබ්ද කෝෂයෙහි කර්තෘ පොත්ලෙත්වේට් (මැක්කුලොක් ගේ සහ මැක්ලෙයර් ගේ සමාන කෘතිවලට අද තිබෙන කීර්තිය ම මෙම කෘතියට එදා තිබිණි) සහ දැනට මත් අප විසින් උපුටා දක්වා ඇති ' වෙළඳාම සහ වාණිජ්‍යය පිළිබඳ නැමති නිබන්ධනය" කෘතියෙහි කතුවරයා අතර තරගයට අපි සවන් දෙමු.
සෙසු කරුණු අතර පෝත්ලෙත්වේට් මෙසේ කියයි: “දින පහක් තුළ තම නඩත්තුව ලබා ගැනුමට කඩිසර දුප්පතුන්ට හැකි නම් ඔවුන් දින හය ම වැඩ නොකරනු ඇතැයි යන බොහෝ දෙනාගේ තුඩග රැව් දෙන පට්ටා ගසන ලද සඳහන සැලකිල්ලට නොගෙන එම නිරීක්ෂණ කිහිපය අපට අවසන් කළ නොහැකි ය. නතර කැරීමක් නොමැති ව සතියේ මුළු දින හය ම වැඩ කැරීමට වැඩ කරන ශිල්පියාට සහ නිමි භාණ්ඩ නිෂ්පාදකයාට බල කැරීම සඳහා ජීවන අවශ්‍යතාවල මිල පවා අය බදු මඟින් හෝ වෙන ඕනෑ ම මාර්ගයක් මඟින් හෝ වැඩි කැරීමේ අවශ්‍යතාවෙහි අනුමිතියට ඔවුහු එළඹෙන් මෙම රාජධානියෙහි වැඩ කරන ජනතාව ගේ සදාකාලික වහල්කම බලාපොරොත්තු වන ශ්‍රේෂ්ට දේශපාලනඥයන්ට වඩා වෙනස් රංජනයක් දැරීමට මම අවසර ඉල්ලා සිටිමි. ඔක්කොම වැඩ මිසක් සෙල්ලමක් නැතැයි යන ග්‍රාම්‍ය ආප්තෝපදේශය ඔවුහු අමතක කරත්. බ්‍රිතාන්‍ය බඩුවලට මෙතෙක් සාමාන්‍යයෙන් කීර්තියක් සහ ගෞරවයක් ගෙන දුන් සිය වැඩ කරන ශිල්පීන් ගේ සහ නිමි භාණ්ඩ නිෂ්පාදකයින් ගේ විචක්ෂණ භාවය සහ කාර්යශුරතාව ගැන ඉංග්‍රීසිහු පුරසාරම් නො දෙඩුවෝ ද? මෙයට හේතු වූ යේ කුමක් ද? අන් කිසිවකටත් වඩා වැඩ කරන ජනතාව සතු වූ ඔවුන් ගේ ම ආකාරයේ විශ්‍රාන්තිය ය. අවුරුද්ද පුරා ම සතියේ මුළු දින හය ම එකම වැඩය පුනරුදයට නැඟීමේ වෙහෙසකර වැඩෙහි යෙදෙන්නට ඔවුන්ට බල කැරෙන්නේ නම් එයින් ඔවුන් ගේ විචක්ෂණභාවය මොට කොට යුහුසුළු සහ කාර්යයශූර වෙනුවට ඔවුන් මුග්ධයන් නො කැරෙන්නේ ද? එබඳු සදාකාලික වහල්කම මඟින් අපේ වැඩකරුවන් ගේ කීර්තිය රැඳී පවතිනු වෙනුවට ඔවුනට එය අහිමි නො වන්නේ ද?... ඒ සා බර වැඩකරන සතුන්ගෙන් අපට බලාපොරොත්තු විය හැකි වන්නේ කෙබඳු වර්ගයක ශිල්පීයත්වයක් ද....? ප්‍රංශ වැසියෙකු දින පහකින් හෝ හයකින් හෝ කරන වැඩ තරම් වැඩ ඔවුන් බොහෝ දෙනෙකුන් විසින් දින හතරකින් කරනු ඇත. එහෙත් ඉංග්‍රීසි වැසියන් සදාකාලික වහල් වැඩකරුවන් වෙතොත් ඔවුන් ප්‍රංශ වැසියන්ට වඩා පිරිහෙනු ඇතැයි බිය විය යුතු ය. යුද්ධයෙහි දී අපේ මිනිසුන් වීරත්වයට ප්‍රසිද්ධ නිසා ඊට හේතුව ඔවුන් ගේ උදරවල ඇති බැදපු මස් සහ පුඩිං මෙන් ම නිදහස පිළිබඳ ඔවුන් ගේ ව්‍යවස්ථාමය ජිවය යැයි අප උදම් අනන්නේ නැත් ද? අප ශිල්පීන් ගේ සහ නිමි භාණ්ඩ නිෂ්පාදකයන් ගේ විචක්ෂණභාවය සහ කාර්යයශූරත්වය එය තමන්ට රිසි පරිදි හැසිරීමට ඔවුන් සතු නිදහස සහ විමුක්තිය නිසා නොවන්නේ මන් ද? ඔවුන් ගේ විචක්ෂණභාවය මෙන් ම ධෛර්යය ද පැන නැගෙන ඔවුන් ගේ වරත්ප්‍රසාද සහ ඒ යහපත් ජීවිතය අප ඔවුන්ට කිසි දිනෙක අහිමි නොකෙරුනු ඇතැයි මම බලා පොරොත්තු වෙමි. ඉනික්බිති “වෙළෙඳාම සහ වාණිජ්‍යය පිළිබඳ නිබන්ධනයෙහි ” කතුවරයා මෙසේ පිළිතුරු දෙයි “සෑම සත් වැනි දිනය ම නිවාඩු දිනයක් කැරිම දිව්‍යමය සංස්ථාවක් යැයි අභ්‍යුපගමය කැරෙන්නේ නම් අනෙක් දින හය ශ්‍රමයට (ඔහු අදහස් කරන්නේ ප්‍රාග්ධනය බව අපට ඉක්මනින් ම පෙනෙනු ඇත) කැප කැරීම ගම්‍ය වන බැවින් එය ක්‍රියාත්මක කැරීම නපුරුකමක් ලෙස නොසිතනු ඇති බව සහතිකය .......... එදිනෙදා අවශ්‍ය භාණ්ඩවල මිල ඉතා අධික නම් හැර මධ්‍යනය වශයෙන් සතියකට දින හතරකට වැඩිතර ව ශ්‍රමයෙහි නිරත නොවන අප ගේ නිම් භාණ්ඩ නිෂ්පාදන ජනගහණයෙහි හැසිරීමෙන් අප කටුක ලෙස අත් දකින පරිදි සාමානයෙන් මානව වර්ගයා තුළ පහසුකමට සහ වර්ගයා තුළ පහසුකමට සහ අලසකමට ස්වභාවිකවම නැඹුරුකමක් ඇති බව සැබෑ ය. දුප්පතුන් ගේ අවශ්‍යතා සියල්ල එක් සංඥනාමයකින්, නිදසුනක් වශයෙන් ඒවා සියල්ල තිරිඟු යැයි හඳුන්වන්න. නැතහොත්..... තිරිඟු බුසලක් සඳහා පිරිවැය සිලිම් පහක් යැයි සහ ඔහු (නිමි භාණ්ඩ නිෂ්පාදකයා) තම ශ්‍රමයෙන් සිලිමක් උපයතැයි අභ්‍යුපගමය කරන්න. එවිට ඔහුට සතියක දී දින පහක් පමණක් වැඩ කැරීමට බල කැරෙනු ඇත. තිරිගු බුසලක පිරිවැය සිලිම් හතරක් පමණක් වන්නේ නම් ඔහුට දින හතරක් පමණක් වැඩ කැරීමට බල කැරෙනු ඇත. එහෙත් මෙම රාජධානියෙහි අවශ්‍යතාවල මිලට සමානුපාතික ව වැටුප් බෙහෙවින් ඉහළතර බැවින්....... දින හතරක් ශ්‍රමයෙහි නිරත වන නිමි භාණ්ඩ නිෂ්පාදකයාට සතියේ ඉතිරි දිනවල නිකරුනේ වාසය කැරීමට මුදල් අතිරික්තයක් තිබේ... සතියකට දින හයක් මධ්‍යස්ථ ශ්‍රමය වහල්කමක් නො වන බව පෙනෙන පරිදි මා විසින් ප්‍රමාණවත් කරුණු දක්වා ඇතැයි මම සිතමි. ශ්‍රමයෙහි නිරත වන අප ගේ ජනයා එසේ කරත්. කෙසේ බැලුව ද ශ්‍රමයෙහි නිරත වන සියලු දුප්පතුන් අතුරෙන් වඩාත් ම සතුටින් සිටින්නේ ශ්‍රමයෙහි නිරත වන අප ජනයා ය.91 එහෙත් නිමැවුම් කර්මාන්තයන්හි ලන්දේසිහු එසේ කරත්. ඔවුන් ඉතා සතුටින් වසන ජනයා බව පෙනේ. නිවාඩු දින අතර මැදට නොයෙදෙන විට ප්‍රංශවරු ද එසේ කරත්.92 එහෙත් යුරෝපයෙහි ඕනෑම රටකට වැඩිතර නිදහසක් සහ ස්වාධීනත්වයක් භුක්ති විඳීමේ උපන් ගෙයි අයිතියක් ඉංග්‍රීසීන් ලෙස තමන්ට ඇතැයි යන මතයක් අප ජනගහණය විසින් පිළිගෙන තිබේ. අප හමුදාවල එඩිතරකමට බල පෑ හැකි තාක් මෙම අදහස කිසියම් ප්‍රයෝජනයකින් යුක්ත ය. එහෙත් නිමි භාණ්ඩ නිෂ්පාදක දුප්පතුන් තුළ එය අඩුතර ව පවතින තරමට එය ඔවුන්ටත් රජයටත් වඩා හොඳ ය. තමන් තමන්ට ඉහළින් සිටින්නවුන්ගෙන් ස්වායත්ත යැයි කිසි විටෙක ශ්‍රමයෙහි නිරත වන ජනයා කල්පනා නොකළ යුතු ය. ඇතැම් විට පූර්ණයෙන් අටෙන් හතක් ම අල්ප දේපොල සහිත ව හෝ දේපොල රහිත ව හෝ සිටින අපේ වැනි වාණිජ රජයක සෙනග රංචු දිරි ගැන්වීම අතිශයින් භයානක ය. දැන් ඔවුන් දින හතරක දී ලබන ගණනට ම අපේ නිමැවුම් කර්මාන්ත දුප්පතුන් දින හයක් වැඩ කැරීමෙන් තෘප්තිමත් වන තෙක් පිළියම මෙම අරමුණ සඳහා සහ “අලසකම, සල්ලාලකම සහ “ අපේ නිමැවුම් පරිසමාප්ත නොවනු ඇත. "සීමාව ඉක්මවා යාම් වැනැසීම " යුහුසුළු ජීවයක් නංවාලීම, කර්මාන්තයන්හි ශ්‍රම මිල පහත හෙළීම සහ දුප්පතුන් ගේ වරිපනම් මඟින් ඉඩම් මත පැටැවෙන දැඩි බර ඉවත් කැරීම " සඳහා ප්‍රාග්ධනයෙහි අප ගේ “සුවච එක්කාට්” මෙම අනුමත ප්‍රයෝගය යෝජනා කරයි : මහජන ආධාර කැරෙන් පරායත්ත ශ්‍රමිකයන්, තනි වචනකින් කිව හොත් දිළින්දන් “ පරමාදර්ශී වැඩහලක” වසා දැමිය යුතු ය. එබඳු “පරමාදර්ශී වැඩහලක් " ඔවුන්ට බඩ පුරා කන්නට දී, උණුසුම් ව සහ විනීත ව අඳින්නට දී, ඔවුන් යන්තමින් පමණක් වැඩ කරන “දුප්පතුන් සඳහා වන සරණ නිවෙස්නක් නොව භිෂන නිවාසයක්" කළ යුතුය. මෙම “භීෂණ නිවාසයෙහි", මෙම “පරමාදර්ශී වැඩහලෙහි” දුප්පතුන් විසින් කෑමට නිසි වේලා අත් හැර ශුද්ධ ශ්‍රම පැය 12ක් ඉතිරි වන පරිදි දිනකට පැය 14 කළ යුතු ය.
වසර 1770 "පරමාදර්ශි වැඩහලෙහි" “භීෂණ නිවාසයෙහි” දිනපතා වැඩ පැය කර්මාන්ත අංශ හතරක පුරා පැය 12ක් දක්වා ඉංග්‍රීසි පාර්ලිමේන්තුව විසින් අඩු කළ විට 12ක්! වසර 63 කට පසු 1833 දී 13 සිට 18 දක්වා වයසැති දරුවන් ගේ වැඩ දිනය කාර්මාන්ත අන්ශ හතරකට පුරා පැය 12 දක්වා ඉංග්‍රිසී පාර්ලිමේන්තුව විසින් අඩු කළ විට ඉංග්‍රිසී කර්මාන්තයෙහි දිනය උදා වනු සේක! නිතිමය වැඩ දිනය වෙනස් කොට ධනේෂ්වරය සමග තම තත්වය තහවරු කර ගැනුමට ලුවී බොනපාට් 1852 දී තැත් ඉංග්‍රීසි කර්මාන්තයෙහි විනිශ්චය දිනය උදා වූ සේක. නීතිමය වැඩ දිනය වෙනස් විට "වැඩ දිනය පැය 12 ට සීමා කරන නීතිය ජනරජයෙහි ව්‍යවස්ථාවලින් අපට ඉතිරි ව ඇති එකම හොඳ ම දෙය යි. ප්‍රංශ ජනතාව එක හඬින් කෑ මුර ගෑහ. සුරිච්හි වයස 10න් වැඩි දරුවන් ගේ වැඩ පැය 12 ට සීමා කර තිබේ. ආර්ගන්හි 1862 දී 13 සිට 16 දක්වා වයසැති දරුවන් ගේ වැඩ පැය 12 2/1 ( දොළහයි භාගයේ) සිට 12 දක්වා අඩු කැරිණි. අවුස්ත්‍රියාවෙහි 1860 දී 14 සිට 16 දක්වා වයසැති දරුවන් සඳහා එම අඩු කැරිම ම සිදු කැරිණි.97 1770 සිට කෙතරම් ප්‍රගතියක් ද ! මැක්කෝලි උද්දාමයෙන් බෙරිහන් දෙනු ඇත!
වසර 1770 දී ධනපතිවාදී ආත්මය හුදෙක් සිහින දුටු දිළින්දන් සඳහා වන “භීෂණ නිවාසය " වසර කිහිපයකට පසු කර්මාන්ත කම්කරුවන් සඳහා වූ දැවැන්ත “වැඩහල්” ස්වරූපයෙන් සාක්ෂාත් විය. එයට කම්හල යැයි කියනු ලැබේ. මෙවර පරමාදර්ශය යථාර්ථය ඉදිරියෙහි මැකී යයි.