← Back to Articles

මන්දාකිණි බිහිවීම ඇරඹේ

2026-01-21By Marxist University

නිර්මාණය වෙමින් පැවති හයිඩ්‍රජන් හා හීලියම් වලින් සමන්විත විශාල වලාවන් නිර්මාණය වී ඒවා ගුරුත්වයත් සමග එකට ඒකරාශී වී භ්‍රමණය වීමඇරඹිණි.මන්දාකිණි බිහි වීමේ මූලික පියවර එයයි. විශ්වයට මෙම තත්ත්වය තෙක් පරිණාමය වීමට වසර බිලියනයක් පමණ ගත විය. එවිට උෂ්ණත්වය සෙල්සියස් අංශක -200 පමණ විය.

හයිඩ්‍රජන් හා හීලියම් එක්වීමෙන් තරු (සූර්යයන්) බිහිවීම ඇරඹෙන්නේ ඉන් අනතුරුවය. එයින් කාලයක් ගතවෙද්දී සුවිශාල තරු පුපුරා යැමෙන් ,විශ්වය තුළ හයිඩ්‍රජන් සහ හීලියම් වලට අමතරව බර මූලද්‍රව්‍ය බිහි වූ අතර, ඒවා තුළින් නිර්මාණය වන විශාල වලාවන් භ්‍රමණය වී සෞරග්‍රහ මණ්ඩල නිර්මාණය වූයේ එහි ප්‍රතිඵලයක් ලෙසිනි. මේ සියල්ල සමගින් අද පවතින විශ්වය සම්පූර්ණ වී ඇති අතර එහි සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක -270 පමණ වේ යයි සැලකේ. මෙම ක්‍රියාවලිය හරහා නැවතත් තේරුම් ගත යුතු දේ නම් මහා පිපිරුම ලෙස සිදුව ඇත්තේ විශ්වයේ අවකාශය පුළුල් වීම බවත් ඒ තුළ විසිරගිය ද්‍රව්‍ය ගුණාත්මක පරිවර්තනයන් හරහා උප පරමාණුක අංශු ඉලෙක්ට්‍රෝන සහ ප්‍රෝටෝන පරමාණු ආදී ලෙස වෙනස් වෙමින් අද පවතින විශ්වය සම්පූර්ණ කළ බවයි. අවකාශයේ පුළුල් වීම යන්නෙන් විශ්වයට යම් නිශ්චිත පරිමාවක් ඇතැයි (සීමාවක් තිබීම හා නොතිබීම) ද්වනිතාර්ථයෙන් හැඟී ගියද කොන්ටම් භෞතික විද්‍යාවට අනුව විශ්වය සර්වදිශ වන බැවින් මහා පිපුරුම අවසානයේ සිට අද දක්වාම එයට සීමාවක් නොමැති බව ,අනන්ත බව පෙන්වා දී ඇත.

(මහා පිපිරුම් වාදය තහවුරු කළ විද්‍යාත්මක කරුණු 06 කොටසින් සාකච්ඡා කරමු)

මාක්ස්වාදී ව්ශ්වව්ද්‍යාලය/ Marxists university

Marxist AI

Select Language / භාෂාව තෝරන්න / மொழியைத் தேர்ந்தெடுக்கவும்